Colombo Today Local News

වෙසක් සතිය නොසැළකේ… පෙරටුගාමී මැයි රැළිය මැයි 1 වනදා කොළඹදී

සැලසුම් කරගත් පරිදි තම පක්ෂයේ මැයි දින රැලිය එළඹෙන මැයි පළමු වැනිදා කොළඹදි පවත්වන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුව දියත් කරන කම්කරු වීරෝධි වැඩපිළිවෙල ඉදිරියේ තමන් දණ නොනමන බවයි.

ජාත්‍යන්තර කම්කරු දිනය සඳහා මැයි 01 වෙනි දින යෙදී තිබු නිවාඩු දිනය වෙසක් උත්සවය යෙදෙන බව පවසා සුගියදා ගැසට් නිවේඳනයකින් අවලංගු කර ඇති බවද එසේ අවලංගු කිරීම කම්කරු ජනතා අයිතීන් සම්පුර්ණයෙන්ම විනාශ කිරීමක් බව ඔහු කියා සිටියේය.

ආණ්ඩුවේ නියෝගය නොසළකා හරිමින් මැයි 01 දින ජාත්‍යන්තර කම්කරු දිනය කොළඹදී සැමරීමට කටයුතු කරන්නැයි සියළුම වාමාංශික හා වෘත්තීය සමිති ව්‍යාපාරවලින් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ඊයේ පත්වුණු නියෝජ්‍ය කතානායක යලි ඉල්ලා අස්වෙයි

colombotoday

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday

“ඥාණසාර හිමිට අදාල නීතිය විග්නේෂ්වරන්ලාට නෑ.. අර අම්මන්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑ“

colombotoday

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

26 හැවිරිදි කාන්තාවක් කාමරයක් තුලදී ඝාතනය කරයි

Admin

ඝාතන සැලසුම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

colombotoday