Colombo Today Local News

Free Wi-fi දෙන්න තව කාලයක් යනවා.. පාස්කු බෝම්බය නැත්තම් මෙලහකටත් දීලා !

නොමිලයේ වයිෆයි පහසුකම ලබාදීමට තව ටික කාලයක් ගතවන බව අග්‍රාමාත්‍යරයා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ  සිංහ සමාජ මෙන්ම ලියෝ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අතර පැවැති හමුවකදී ඔහුට යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පසුගිය ජනපතිවරණ සමයේදී පොරොන්දු වුණා මුළු ලංකාවටම වයිෆයි නොමිලයේ දෙනවා කියලා. එය සාර්ථක කර ගැනීමට නොහැකිවී තිබෙනවා. ඒක සාර්ථක කර ගන්න පුළුවන්ද? කොච්චර කාලයක් යයිද?

ඒක ලබලා දෙන්න තව ටික කාලයක් යනවා. ඇත්ත වශයෙන්ම මේ බෝම්බ එහෙම තිබුණේ නැත්නම් යම්කිසි සහනයක් ලබාදෙන්න තිබුණා. පළමුවෙන්ම කරන්නේ උසස්පෙළ පාසාල්වලට ටැබ් ලබාදෙනවා. ඒක නිසා වයිෆයි දෙන්න වෙනවා. ඒකට තව ටික කාලයක් යනවා.

මේ ආණ්ඩුවට ලොකුම චෝදනාව මේ බැඳුම්කර සිද්ධිය. ඇයි මේ ගැන පරීක්ෂණයක් හරි තොරතුරක්  ලබා නොදුන්නෙ?

මේ ගැන පාර්ලිමේන්තුවේදී විභාග කළා කිසිම චෝදනාවක් මට කෙරුවෙත් නෑ. ඊළඟට කොමිසමක් දැම්මා. මම කොමිෂමට ගිහින් සාක්ෂි දුන්නා. ඊට වඩා මොනවා කරන්නද?

කොමිෂමෙන් කියනවානම් ඔබතුමාට විරුද්ධව සාක්ෂි නෑ කියලා. පාර්ලිමේන්තුවේ කියනවානම් විරුද්ධව කරුණු නෑ කියලා තව මොනවද කරන්න තියෙන්නේ.

කොමිෂමෙන් කියලා තිබෙනවා බිලියන 11ක පාඩුවක් වෙලා කියලා. පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ බිලියන 12ක මුදලක් මහ බැංකුව තියාගෙන ඉන්නවා. මෙතන හානියක් නෑ. හානියක් වෙලා තිබෙනවානම් ඒ මුදල් ගන්න පුළුවන්.

Related posts

මේ මාසේ අග බැසිල් ඉන්දීය සංචාරයක

colombotoday

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

colombotoday

කඩු, කිණිසි ආනයනය කළ සැකකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday

රුපියල කඩා වැටිලා… ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා…

colombotoday

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin

ජනපති මෛත්‍රිගෙන් පාරිභෝගිකයාට කිසිදු සෙතක් නෑ. – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday