Colombo Today Local News

ෆොන්සේකා ජනපතිගෙන් සමාව ගනී… කැබිනට් ඇමතිකම නූලෙන් බේරෙයි…

තිරසර සංවර්ධන වන ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (9) දහවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ගෙන ඇතැයි වාර්තා වේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසුව ඇමැතිවරයා තවත් ඇමැතිවරුන් කිහිප දෙනකු ද සමඟ ගොස් ජනපතිවරයාගෙන් සමාව ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

සරත් ෆොන්සේකා මහතා ඉකුත් 3 වැනි දා නව අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව පැවැත්වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර තිබු අතර,ඔහු පසුගිය ඉරිදා පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ දී ද අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබිණි.

ඔහු අද දහවල් ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

Related posts

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා ඇද දමා නිවස අත්පත් කර ගැනීමට උත්සහා දැරූ උප නගරාධිපති ෆුර්කාන් හාජ්ජියාර් අල්ලන්න හොයයි

colombotoday

2022 වසරේ පළමු භාගයේ මිලියන තිස් දාහක බෝග සත්තුන් විනාස කරලා

Admin