Colombo Today Local News

හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට FCIDයට අවසර..

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම අවසරය ලබාදී ඇති බව සඳහන්ය.

ඊට අමතරව අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ බැංකු ගිණුම් කිහිපයක් පරික්ෂා කිරීමට ද අධිකරණය අවසර ලබාදී තිබේ.

රුපියල් මිලියන 600කට ආසන්න මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම පරික්ෂණ සිදු කරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

Related posts

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද නිසා හෙළ උරුමය – අගරදගුරු පැටලෙයි

colombotoday

ඉතාලියේ කොරෝනා මරණ 1000 ඉක්මවයි… ලොව පුරා 5000ක් මරුදකී !

colombotoday

ජනපති මෛත්‍රී ඉන්දියාවට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී.. ගල් අගුරු වෙනුවට ද්‍රව බලාගාරයක්

colombotoday

මහේන්‍ද්‍රන් ගෙන්වන ලේඛන සිංගප්පූරුවට භාරදෙයි

colombotoday

දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්

colombotoday