Colombo Today Local Newsextremism & terrorism activities

සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයට

මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වූ මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ඉදිරියට පමුණුවනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සැකකරු ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශව වලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත්කර තිබෙන බවය.

මේ තුළින් ඔහු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇති බව එම නිලධාරීන් සඳහන් කරයි.

ඊට අමතරව මෙම සැකකරු ව්‍යාපාර රැසක් බිඳවැටී තිබියදී විශාල ධනවතෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන බව පෙන්වාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සැකකරුට කිසියම් නීති විරෝධී මාර්ගයකින් මුදල් ලැබෙන්නේ ද? යන්න පිළිබඳව විමර්ශන පවත්වන බව ද දැනුම් දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමකළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද නියෝග කළේය.

Related posts

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් !

colombotoday

ETCA මේ වසරේ දී අත්සන් කරනවා – අගමැති ඩයස්පොරා සමුළුව අමතමින් කියයි

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday

රුවන්වැල්ල සිව් හැවිරිදි දැරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි

Admin

විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව පිළිගන්නේ නැහැ…- මහජන උපයෝගීතා කොමිසම කැබිනට්ටුවට දන්වයි

Admin

මුස්ලිම් පාසල් 5ක් තිබෙද්දී තවත් එකකට ඉඩම් දීලා – වැලිමඩ උණුසුම් වෙයි – ඌව මහඇමතිට විරෝධය

colombotoday