Colombo Today Local Newsextremism & terrorism activities

කතෝලික පියතුමෙක් මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබූ එල්.ටී.ටී.ඊ වැඩසටහනකට එරෙහිව තහනම් නියෝගයක්

එල්.ටී.ටී.ඊ හිතවාදීන් බවට සැක කෙරෙන පිරිසක් විසින් අද දින උත්සවයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත මහනුවර පොලිසිය විසින් තහනම් නියෝගයක් ලබාගෙන ඇති බව උසස් නිලධාරියෙක් පැවසීය.

මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේ හෝටලයක මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ බව ඔහු පැවසීය.

එවැනි උත්සවයක් පැවැත්වීමට එරෙහිව එම හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිව මෙම තහනම් නියෝගය ගෙන ඇත.

“සිරකරුවන්ට මානුෂිකව සැලකීම” යන තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කිරීමට නියමිතව තිබුණි.

මෙම හමුවේදී එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට පහසුකම් සැලසීමටත්, ශ්‍රී දළදා මාලිගාවේ සහ ශ්‍රී මහා බෝධියේ දී ප්‍රහාරයට සම්බන්ධ වූ කොටි සිරකරුවන්ගේ පවුල්වලට, එල්.ටී.ටී.ඊ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ට ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වීමටත් සංවිධානය කර තිබුණි.

අදට යෙදෙන ලෝක “මානව හිමිකම් දිනය”ට සමගාමීව මෙම උපහාර ප්‍රදානෝත්සවය සහ සම්මාන ප්‍රදානෝත්සවය සැලසුම් කර තිබුණි.

මහනුවර, වත්තේගම, මාතලේ පාරේ පිහිටි දේවස්ථානයකට අනුයුක්තව සේවය කරන කිතුනු පූජකවරයකු විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

එම පූජකවරයා දිගන, නට්ටාරම්පොත ප්‍රදේශයේ මානව හිමිකම් කාර්යාලයක් පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.

Related posts

බුදු දහමට අපහාස කළ තව්හිද් ජමාත්ට සමාව නොලැබෙයි… අන්තවාදී වැඩ තවම නවත්වා නැහැ

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්

Admin

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

colombotoday

සිංහල-දෙමළ-මුස්ලිම් වෙන වෙනම නීති ඉවතට… 2001 බුද්ධශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව යළි කරළියට

colombotoday

මුරලි නුවරඑළියෙන් දේශපාලනයට !

colombotoday