Colombo Today Local NewsTop Stories

සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට, බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්‌ථාව ලෝකයේ කිසිදු රටක නෑ – ෆයිසර් මුස්‌තාපා

“පොදුවේ ගත් කළ මේ රටේ සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට, මේ රටේ බෞද්ධ ජනතාවට ලබා දී ඇති අවස්‌ථාව ලෝකයේ කිසිදු රටක නැති බව අපි දැන ගත යුතුයි.” යැයි පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා පැවසීය.

මේ රටේ සංස්‌කෘතිය ඉදිරි පරම්පරාවට ආරක්‍ෂා කිරීමට නම් දහම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය වෙනවා යැයි අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ ශසනාරක්‍ෂක බල මණ්‌ඩලය හා ෆයිසර් මුස්‌තාපා පදනම එක්‌ව සංවිධානය කළ මැද කොළඹ බල ප්‍රදේශයේ පවතින දහම් පාසල් ගුරුවරුන්ගේ දහම් අධ්‍යාපනය අගයමින් පැවැති සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට පෙරේදා (27 දා) සහභාගි වෙමිනි.

අද මම තමුන්නාන්සේලා ඉදිරියේ මුස්‌ලිම් භක්‌තිකයෙක්‌ හැටියට මේ කථාව පවසන්නේ මම මුස්‌ලිම් පවුලක උපන් නිසා. අද තමුන්නාන්සේලාගෙන් බහුතරයක්‌ බුදුදහම අදහන්නේ බෞද්ධ පවුලක උපන් නිසා. ඒ නිසා එසේ ආගම ධර්මය බොහෝ අවස්‌ථාවලදී උත්පතියෙන් ම තීන්දු වූ දෙයක්‌. බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

විරෝධතාවයට අවසර නොදීමට පොලීසියෙන් කියන හේතු මෙන්න

Admin

සයිටම් වෙඩිල්ල ආණ්ඩුවේ වැඩක්…?? – ජවිපෙ

colombotoday

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

පාතාල සාමාජික ඌරු ජුවා පොලිස් වෙඩි පහරින් මරු දකී

colombotoday

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ…

colombotoday