World

Facebook සමාව අයැදි

ඕස්ට්‍රේලියාවට ප්‍රවෘත්ති බැලීම, රජයේ සෞඛ්‍ය සහ හදිසි සේවාවලට සම්බන්ධ ෆේස්බුක් පිටු වෙත පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමාව අයැද සිටි.

ඒ අනුව ෆේස්බුක් ඒෂියා-පැසිෆික් ජ්‍යෙෂ් විධායක නිලධාරි සයිමන් මිල්නර් සිකුරාදා ප්‍රකාශ කළේ සමාගම විසින් රජයේ ආයතන සහ රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තු විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම්වලට පිවිසීම අහම්බෙන් තහනම් කිරීම ගැන කණගාටු වන බවයි.

ඉකුත් දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු වැසියන් ෆේස්බුක් පිටු වෙත පිවිසීමට උත්සාහ කිරීමේදී කිසිදු දේශීය හෝ විදේශීය පුවත් සහිත ෆේස්බුක් පිටුවක් වෙත පිවිසීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ඔස්ට්‍රේලියාව සම්බන්ධ පුවත් පළ කරන ආයතන එම පුවත් අන්තර්ගතයන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට මුදල් ගෙවිය යුතු බවට ගෙන ආ නීතියක් හේතුවෙන් ෆේස්බුක් සමාගම විසින් ඔස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයන්ට ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත අන්තර්ගතයන් නැරඹීම සහ බෙදා හැරීම අවහිර කර තිබීමයි.

තව ද මීට අමතරව එරට රජයේ සෞඛ්‍ය සහ හදිසි සේවාවලට සම්බන්ධ ෆේස්බුක් පිටු වෙත පිවිසීමට ද නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin

රෝමයේ මහල් නිවාස සංකීර්ණයක වෙඩිතැබීමක්

Admin

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරක

colombotoday