World

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වී තිබේ.

මේ සඳහා රිපබ්රිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, ඡන්ද 216ට 210ක් වශයෙන් කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වීම හේතුවෙන් එම ධුරයෙන් ඔහු නෙරපා හැර තිබේ.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයෙකු මෙලෙස ඉවත් කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

තමා නැවත කථානායක ධුරයට තරග කිරීමට අදහස් නොකරන බව ධුරයෙන් නෙරපූ කෙවින් මැකාති සභාව අමතමින් පවසා ඇත.

Related posts

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

colombotoday

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් ‘නිවාර්’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

colombotoday

බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තයන් ගෝත්‍රික ගමකට පහර දෙයි. පුද්ගලයින් 81 ක් මරුට

colombotoday

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත් සුඩානයේ ගිනි අවි ගබඩාවකට ප්‍රහාරයක්

Admin

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin