ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට යෝජිත ආර්ථීක හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නව දිල්ලියේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා අංශය භාර සහකාර ලේකම් ආචාර්ය බිනොයි ජෝර්ජ් පැවසීය. ඉන්දියානු මාධ්‍ය හමුවේ කරන ලද විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවට පහසු කාලසීමාවක් ඇතුළත ලංකා ගිවිසුම අත්සන් කිරීමට තමන් සූදානම් බවත්, ශ්‍රී ලංකාව මේ වසර අවසානයේදී ගිවිසුමට අත්සන් තැබීමට සූදානම් බවට ප්‍රකාශ කර ඇතැයි ද ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය.