Colombo Today Local News

ලොකු ලොක්කන්ගේ අවසරයෙන් මඩකලපුව එරාවූර් බෝධීන් වහන්සේ කපා දමයි…

මඩකලපුව එරාවුර් පොලිස් බල ප‍්‍රදේශයේ මයිලම්බාවඩි ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු බෝ ගසක් කැපීමට එරෙහිව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් 23 වැනිදා සවස එම ස්ථානයට ගොස් විරෝධතාවක් පැවත්වූහ.

මෙම බෝගස 1980 කාලයේ සිට ආරක්ෂක අංශ නිලධාරින් විසින් වැඳුම් පිදුම් කළ ස්ථානයක් බවත් මෙම ස්ථානයේ කුඩා බුදු මැඳුරක් සහ ඒ මත කුඩා චෛත්‍යක්්ද ඉදිකර තිබු ස්ථානයකි. පසුව එම ස්ථානයට එරාවුර් ප‍්‍රාදේශීය ලේකම්වරයාද පැමිණි අතර පසුව මඩකලපුව දිසාපති කාර්යාලයේ අතිරේක දිසාපතිතුමියද පැමිණ මේ පිළිබදව පරීක්්ෂණක් සිදු කරන බව සුමනරතන හිමියන්ට පැවසුවාය.

මේ පිළිබදව සුමනරතන හිමියන් මෙසේ පවසා සිටියහ.

මේ බෝධින් වහන්සේ පසුගිය යුද සමයේ සිට ආරක්ෂක අංශ නිලධාරීන් වැ`දුම් පිදුම් කළ ස්ථානයක්. මම මේ බෝධින් වහන්සේ අසළ බෝධි පුජා විශාල ප‍්‍රමාණයක් පවත්වා තිබෙනවා. මේ බෝධින් වහන්සේ කපා දමන්න ප‍්‍රාදේශීය ලේකම් සහ වන සංරක්ෂණ නිලධාරින් පවා අවසර දීලා තියෙනවා. මේක හරිම ගැටලූවක්. මඩකලපුව දිස්ති‍්‍රක්කයේ තිබෙන බෝධින් වහන්සේලා කපා දමනවා. පුරා වස්තු වළ දානවා, දාගැබ් ඩෝසර් කරනවා. මේවා ගැන බලන්න කවුරුත් නැහැ. බුද්ධ ශාසනය වලදාලා ඉවරයි.

මේ බෝ ගස කපන්න කියලා ප‍්‍රාදේශීය ලේකම්වරයා තීරණය කරල තියෙනවා. අපේ රටේ සහජීවනය වෙනුවෙන් ගන්න තීන්දු මොනවද කියලා මම දන්නේ නැහැ. ජාතික සමගිය වෙනුවෙන් ජනාධිපතිතුමා ගන්න තීන්දුව මේ නිසා හෑල්ලූවට ලක් වෙනවා.

මේවා මෙහම වෙද්දී වැලිකන්දේ ෂරියා විශ්ව විද්‍යාල හදනවා. අපේ ඉතිහාසය වනසලා දානවා. මේවා පැහැදිලිවම හිතාමතාම කරන ඒවා. මේ ගැන පරික්ෂණයක් කරන්න. බෝධින් වහන්සේ කපන්න අවසර දුන් නිලධාරින්ට එරෙහිව පියවර ගන්න. එහෙම නොවුනාත් අපි මේ ගැන කථා කරද්දී කියනවා ජාතිවාදය අවුස්සනවා කියලා. බුදු දහමට වන අසාධාරණය ගැන කථා කරීම ජාතිවාදයක් ලෙසයි හඳුන්වන්නේ. ඒ නිසා මෙම ස්ථානය කාටවත් බෙදලා දෙන්න එපා. කාගේ හරි කියනවා නම් ඒ අයට වෙන තැනකින් ඉඩමක් දෙන්න. මෙම භූමිය විහරස්ථානයක් හදන්න වෙන්කර දෙන්න යනුවෙන් සුමනරතන හිමියෝ පවසා සිටියහ.

[fbvideo link=”https://www.facebook.com/venampitiye.sumanarathanathero/videos/2262055340696474/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාෆියාකරුවෝ බෙහෙත් වෙනුවට රටට වස කවන්න සැරසෙයි!

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දුන් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට.

colombotoday

කොමදෝරු ඩී.කේ.පී දසනායක රිමාන්ඩ් කරයි !

colombotoday

ජනපතිට සහ අගමැතිට බැසිල්ගෙන් යෝජනාවක්

colombotoday

රාජ්‍ය සේවක අනිවාර්ය විශ්‍රාම වයස 65 කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

Admin