World

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

යුක්‍රේනය හා ප්‍රංශය වසර 10ක ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබේ.

විදෙස් මාධ්‍යය පවසන්නේ ප්‍රංශයේ සංචාරයක නිරත යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති බවයි.

එහි දී යුරෝ බිලියන 03ක් වටිනා අතිරේක යුද ආධාර තොගයක් යුක්‍රේනයට වෙත ලබාදීමට ද ප්‍රංශය ජනාධිපතිවරයා මෙහි දී එකඟතාව පළ කර තිබින.

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැකි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙහි දී ප්‍රකාශ කර ඇත.

ප්‍රංශය සමඟ ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට පැය කිහිපයකට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා ජර්මනිය සමඟ ද එවැනිම ගිවිසුමකට එළැඹ ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කලේය.

Related posts

සෞදි කාන්තාවන්ගේ හිජාබය සහ බුර්කාව ගැලවේ? මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ තීරණය මෙන්න

colombotoday

කියුබාවේ වසර 60ක කස්ත්‍රෝ පාලනය නිම වෙයි… නව ජනාධිපතිවරයෙක් පත්වෙයි

colombotoday

Live Reporting: පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

කොවිඩ් එන්නත් ගත් අයට අතුරු ආබාධ. රජයෙන් වන්දි ඉල්ලා ජනතාව පෝලිමේ

colombotoday

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

Admin

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin