Colombo Today Local News

ඇඹිලිපිටිය ජනාධිපතියේ විදුහල්පතිනිය අල්ලස් දැලේ

ඇඹිලිපිටිය ජනාධිපති විදුහලේ පළමු වසරට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත්තැයි එම විදුහල්පතිනිය ඊයේ (02 වැනිදා) අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දරුවාගේ පියා පොලිස් නිලධාරියකු වන අතර ඔහුගේ දරුවා ඇඹිලිපිටිය ජනාධිපති විදුහලට ඇතුළත් කිරීමට පැවැත්වූ පරීක්ෂණයෙන් නියමිත ලකුණු ලබා නැත. එබැවින් දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදෙන ලෙසට විදුහල්පතිනිය පවසා තිබේ. ඒ අනුව එම පොලිස් නිලධාරියාගේ බිරිඳ ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරිනියක් ඊයේ (02 වැනිදා) විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇත.

නිල කාමරයෙන් පිටත පාසල් බිමේදී අදාළ මුදල ලබාගත් විදුහල්පතිනිය එම මුදල් පාර්සලය සේවකයකු වෙත ලබාදෙමින් තම මෝටර් රථය තබන ලෙස දන්වා තිබේ. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වී ඇති අල්ලස් නිලධාරීන් අදාළ මුදල සමග විදුහල්පතිනියව අත්අඩංගුවට ගෙන ඇත.

විදුහල්පතිනිය 36 හැවිරිදි විවාහක කාන්තාවක් වන අතර ඇය මාතර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මෙම විදුහලට පැමිණ ඇත්තේ 2019 වසරේදීය. අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව ඊයේ සවස අදාළ සැකකාරිය ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Related posts

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Admin

මාලිගාවත්ත සලාම් ජුම්මා පලිලියෙන් මතුවූ අවි ආයුධ මෙන්න

colombotoday

ජනපතිට මෛත්‍රීට ඕස්ට්‍රේලියාවෙන් මහා පරිමාණ අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ අරඹයි

colombotoday

රනිල් බේරගන්න සල්ලි බෙදන ඇමැති කවුද? විමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (Video)

colombotoday

පළමු නිල ජන්ද ප්‍රථිපලය දහවල් 1.30 ට

colombotoday

සංහිදියා ඇමති, විදුලිබල ඇමති, බස්නාහිර ආණ්ඩුකාර ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට වැලිකඩට

colombotoday