Colombo Today Local News

බණ්ඩාර‍වෙල සංචාරක කලාපයේ ජෛව විවිධත්වය සුරකිමින් හරිත පුරවරයක් ගොඩනංවාලීම වෙනුවෙන් තුරුලිය පූජාව

ඌව වෙල්ලස්ස සංචාරක පුරවරයේ පියගැට පෙල ඇල්ල නගරයයි. එය දෙස් විදෙස් සංචාරකයින් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ  එම පරිසරයේ පවතින නිස්කලංක බව, සුවදායි දේශගුණය හා බැදුණු වට වී ඇති රමණීය කදු පන්තියයි. එසේම ඓතිහාසික ලෙස රාවනා මහ රජුගේ වාසභූමිය මෙම නගරය කේන්ද්‍රකර ගෙන පිහිටා තිබුනේයැයිද සදහන් වේ. රාවනා ඇල්ල හා රාවනා ගුහාව ප්‍රකට වන අතර, “ඇල්ල නගරය” යන නමින් හදුන්වන්නේද සුන්දර දිය ඇලි බොහොමයක්ම පිහිටා ඇති බැවිනි.

මීට දශක ගණනාවකට පෙරාතුව අතිශයින්ම ජෛව විවිධත්වයෙන් පිරිපුන් පාරාදීසයක්ව පැවති ඇල්ල අද වන විට ස්වභාව සෞන්දර්ය විනාශ වී අතිශය කර්කශ  කලාපයක් බවට පත් වී තර්ජනයට මුහුණ පා සීටී. විටින් විට පාරිසරික නොමනා ක්‍රියා කලාපයන් නිසා සහ කැලෑ ගිනි තැබීම්ද, වන විනාශයන් නිසාද මේ තත්ත්වය ඇති වන බවට කිසිදු සැකයක් නොමැත. තව වසර 05 ක් 10 ක් යන විට ඇල්ල යනු දිය ඇලි සිදුණූ, සුවදායික දේශගුණය හා පාරිසරික නිස්කලංක බව තුරන් වී ගිය නගරයක් වනු නොඅනුමානය.

වත්මන් ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මැතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමග එතුමන්ගේ පාරිසරික සංකල්පයකට අනුව ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ජල උල්පත් සුරකිමින් ජෛ විවිධත්වය යලි යලිදු ආරක්ෂා කර ගිනිමින් ප්‍රවර්ධනය කර පිවිතුරු හරිත පුරවරයක් ගොඩනැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවාලනු ලබයි. පළාතේ ඇති සංවේදී පාරිසරික කලාපයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු ආයතන ඒකාබද්ධ කර ගිනිමින් “තුරුලිය පුජාව” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ඇල්ල නැවත සෞන්දර්යාත්මක බවින් පරිපුර්ණ හරිත පුරවරයක් බවට ගොඩනංවාලීමට අප සැවොම ඇල්ල සුරැකිව රුක ගත යුතුය. ඒ වෙනු වෙන් ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මැතිතුමාගේ සංකල්පයකට අනුව “SAVE ALLE” (සුරකිමු ඇල්ල) තුරුලිය පුජාව 2019.08.01 දින ඇල්ල රොක් ඇල්ල  කදු පරිශ්‍රයේදී ක්‍රියාවට නැගේ.

ඇල්ල ප්‍රාදේශීය සභාව, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, යුද හමුදාව ඇතුලු සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්ගේ අනුග්‍රාහකත්වයෙන් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක වැඩ සටහන ක්‍රියාත්මක වේ.

Related posts

ඤාණසාර හිමියන් නිදහස් කළ බවට පලවන ප්‍රචාර අසත්‍යක් !

colombotoday

ඥානසාර හිමියන් රට, ජාතිය සම්බන්ධයෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා – මහනායක හිමි

colombotoday

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම ගැන පරීක්ෂණ කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

Admin

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday

හිරුනිකා පේමචන්ද්‍ර මැතිණියගෙන් ගිනස් වාර්තාවක් – ගම්මන්පිල

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

colombotoday