Colombo Today Local News

යහපාලන ආණ්ඩුව කළ තවත් වැඩක් අවුල් වෙයි.. නැවත සංශෝධනය කරන බව ජනපති කියයි

මෑතකදී සම්මත කෙරුණු පළාත් පාලන මැතිවරණ පනත නැවත සංශෝධනය කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එහි අඩුපාඩු රැසක් තිබෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රමාණය දෙගුණයක් බවට පත්වීම රටට කිසිසේත් ඔරොත්තු නොදෙන හෙයින් එම ප්‍රමාණය නැවතත් පැවති සංඛ්‍යාව දක්වා අඩු කළයුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

මන්ත්‍රීවරුන් 8000 ක් අවශ්‍ය නොවන බවත් ඒ හරහා ගොඩනැගෙන සංස්කෘතිය යහපත් සංස්කෘතියක් නොවන බව දැනටමත් පෙනී යන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේදී පළාත් පාලන පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් වීම මෙන්ම ඊටත් වඩා බරපතල ගැටලු ගණනාවක් මෙම පළාත් පාලන පනතේ ඇති අතර ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විසින් ගැටලු සහිත තැන් පෙන්වා දී තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණය අවසන්වීමෙන් පසු මැතිවරණ කොමිසම ද පනතේ බරපතල ගැටලු ඇති බව පෙන්වා දුන් අතර ඒ නිසාම පළාත් පාලන ආයතන පිහිටුවීම ද මාසයකට වැඩි කාලයකින් ප්‍රමාද විය.

Related posts

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ ඒකක 2ක් ස්ථාපිත කරයි

colombotoday

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

මලියදේව ශාන්ත ආනා බිග් මැච් අතරතුර වාහන 20ක් අත්අඩංගුවට

colombotoday