extremism & terrorism activitiesWorld

සුන්නි ඉස්ලාමීය අල් අස්-හර් ෆත්වා වක් මගින් Muslim Brotherhood තහනම් කරයි.

ඊජිප්තුවේ අසාදු ලේඛණගත කර ඇති මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) සංවිධානයේ සාමාජිකත්වය ගැනීම ෂරියා නීතියට අනුව තහනම් කර ෆත්වා වක් නිකුත් කිරීමට ඊජිප්තුවේ සුන්නි ඉස්ලාමීය චින්තනයේ සහ ඉස්ලාමීය නීති විද්‍යාවේ ඉහළම අධිකාරි අස්-හර් ක්‍රියා කර ඇත.

ඊජිප්තු බලධාරීන් 2014 නොවැම්බර් මාසයේ සිට මුස්ලිම් සහෝදරත්වය(Muslim Brotherhood) ත්‍රස්ත කණ්ඩායමක් ලෙස තහනම් කර තිබේ.

සංවිධානයේ සාමාජිකයින් සහ නායකයින් සිය ගණනකට විරුද්ධව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට පෙළඹවීම හෝ සිදු කිරීම සම්බන්ධ චෝදනා මත නඩු පවරනු ලැබේ.

2014 දී සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල වශයෙන් මෙම කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලදි.

දේශකයෙකු සහ ඊජිප්තුවේ ඉස්ලාමීය කටයුතු පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ සාමාජිකයෙකු වන කලීඩ් අල් ජුන්ඩි පැවසුවේ ඉස්ලාමීය ලෝකය අල් අසාර්ගේ අණ කිරීම බොහෝ කලක සිට බලා සිටි බවයි.

Muslim Brotherhood මතවාදය ශ්‍රී ලංකාවේ ද ක්‍රියාත්මකයි

ඊජිප්තුව ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර ඇති Muslim Brotherhood යුසුෆ් අල් කර්ලාවිගේ මතවාදය ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ පිරිසක් මීට වසර කිහිපයකට පෙර Muslim Brotherhood ත්‍රස්තවාදී නායක යුසුෆ් අල් කර්ලාවි හමුවීමටද ගොස් තිබිණි. මාධ්‍යවේදී අසාම් අමින්ගේ පියා වන මුස්ලිම් කවුන්සිලයේ සභාපති මොහොමඩ් අමීන් සහ රවුෆ් හකීම් ගේ මස්සිනා වන ඉනාමුල්ලා ද ඒ අතර විය. ඊට අදාල ඡායාරූප පවා බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ප්‍රසිද්ධ කරන ලදි.

මෙම දරුණු ත්‍රස්තවාදී නායක හමුවූ ඉනාමුල්ලා ගේ සහෝදරයා වන නයිමුල්ලා පුත්තලම ප්‍රදේශයේ ක්‍රියාත්මක මුස්ලිම් ජාතික සන්ධානයේ ලේකම් ලෙස කටයුතු කරයි.

Muslim Brotherhood උලමා සභාව තුල ක්‍රියාත්මකයි. ඔවුන් උලමා සභාවේ සභාපති තබ්ලික් ජමත් මුෆ්ති පන්නා දමා එහි බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක මේ වනවිට නියලමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ශූරා සභාව නමින් ක්‍රියාත්මක වන්නේ Muslim Brotherhood යුසුෆ් අල් කර්ලාවිගේ ඉහ්වාන් මුස්ලිම් මතවාදයයි.
බේරුවල ජාමියා නලිමියා ඇකඩමියේ ඉගෙනගත් පුද්ගලයින් පාසල් ගුරු මාර්ගෝපදේශ පොත්වල යුසුෆ් අල් කර්ලාවි විද්වතෙක් ලෙස හඳුන්වා ඔහුගේ පොත් පත් ආශ්‍රිත ග්‍රන්ථ ලෙස හඳුන්වා තිබූ අවස්ථා ඥානසාර හිමි විසින් පාස්කු කොමිසමේදී හෙළි කරන ලදි.

මෙම මතවාදය ඉගැන්වෙන ස්ථාන ලෙස තිහාරියේ තන්වීර් ඇකඩමිය, මාවනැල්ල ෆාති ආයතනය සඳහන් කල හැකිය. ශ්‍රී ලංකා ජමතේ ඉස්ලාම් සංවිධානය ප්‍රවර්ධනය කරන්නේ ද මෙම මතවාදයයි. ඔවුන් යටතේ ඉස්ලාහි නම් කාන්තා සහ පිරිමි පාසල් දෙකක් පුත්තලමේ පිහිටා ඇත.

http://tamil.colombotoday.com/?p=22475

Related posts

මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.

colombotoday

උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!

colombotoday

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

colombotoday

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

ආගමික විශ්වාසයක් මත නිරාහාරව සිටි පුද්ගලයින් 47ක් මිය යයි

Admin

ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් අගමැති වෙඩි නොවදින පීඨිකාවක සිට ජාතිය අමතයි

colombotoday