Colombo Today Local NewsTop Stories

දුමින්ද රිමාන්ඩ් වෙන අතරේ ගිනි අවි සොයා පොලිසිය නිළියකගේ නිවස පීරයි

හැව්ලොක් මහල් නිවාස සංකීර්ණයෙන් රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීම සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක 2025 මැයි 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඊයේ (23) සිකුරාදා ඔහු අත්අඩංගුවට ගැණුනේ කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සිටියදීයි.

උක්ත ප්‍රශ්නගත රයිෆලය පිළිබඳ පරීක්ෂණ මැයි 22 වැනි බ්‍රහස්පතින්දා දින ත්‍රස්ත විමර්ශන අංශයට (TID) භාරදෙනු ලැබුණා.

මේ අතර, උතුරු මැද පළාතේ හමුදා කඳවුරකින් සොරකම් කර ගත් T-56 ගිනිඅවි සොයාගැනීමේ විමර්ශනයේ කොටසක් ලෙස ප්‍රසිද්ධ නිළියකගේ නිවසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කොට සිටිනවා.

එම නිළියගේ පුත්‍රයා ගිනිඅවියක් මිලදී ගත් බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන් නමුත්, නිළියගේ මුළු නිවසම සියුම් පරීක්ෂාවට ලක් කළද ගිනිඅවි හමුවී නැති බවයි වාර්තා වන්නේ.

මෙම නිළිය දේශපාලනයට සම්බන්ධ අයෙකු වන අතර, ඇගේ සැමියාගේ ව්‍යාපාර වලට මීට පෙර ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන්ගෙන් විශේෂ වරප්‍රසාද ලැබුණු බවට චෝදනා ද නැඟී තිබුණා. මෙම චෝදනා යහපාලන රජයේ කාලයේදී පැන නැඟුණු ඒවා බවයි පැවසෙන්නේ.

Related posts

විල්පත්තුවේ ජාතිවාදී ජනපදකරණයට වන රක්ෂිත ඉඩම් පවරාගත් හැටි මෙන්න !

colombotoday

හිජාස් හිස්බුලා වෙනුවෙන් දඟලන පුලන්නන්ට කන හරහාම දෙයි. දේශප්‍රේමී නීතිඥවරුන් 216 ක් නීතිඥ සංගමයේ සභාපතිට ලියයි.

colombotoday

මහමැතිවරණයේදී සුළු ජාතික ඡන්දවලින් සජිත් අගමැති කිරීමේ මෙහෙයුම මෙන්න !

colombotoday

අනවසර ගබ්සා පෙති 16.930 ක් කටුනායකදී අත්අඩංගුවට !

colombotoday

කොස්ගොඩ සුජීගේ ගෝලයෝ සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ! දකුණේ පාතාලය සුන් කරන්න උපදෙස්

colombotoday

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday