ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක නව රජය හා එකතුවීම සඳහා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අද (31) උදෑසන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණ ඔහුව මුණ ගැසී ඇති අතර එහිදී තමා ඇතුළු කණ්ඩායම රජයට එකතු වීමටනම් කොන්දේසි කිහිපයකට එගඟ විය යුතු බව දැඩිව පවසා තිබෙනවා.
දුමින්ද දිසානායක මහතාගේ කොන්දේසි අතර දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධූර සහ දිස්ත්‍රික් සංවිධායක ධූර වෙනස් නොකිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඇතුලත්.