Colombo Today Local News

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපනය කිරීමට කඩිනම් වැඩපිලිවෙලක්

“බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීමේ දී” ඒ සදහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන පංචවිධ කරැණු හදුනාගෙන තිබෙි මත්ද්‍රව්‍ය ඒම කරැණු වලින් ප්‍රධාන කරැණකි මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීම සදහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම නැවැත්වීම, මත්ද්‍රව්‍ය සදහා වන ඉල්ලුම අඩු කිරීම හා මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත කිරීමත් යන කරුණු හඳුනාගෙන ඇත. මත්ද්‍රව්‍ය ගෙන ඒම හා මත්ද්‍රව්‍ය සඳහා තිබෙන ඉල්ලුම අඩු කිරීම සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මෙම රැස්වීමේදී වඩා අවධානයට යොමු වූයේ මත්ද්‍රව්‍යයට අබ්බැහි වුවන් සිරගත නොකර පුනරුත්ථාපනය කර, වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් සමාජයට ඵලදායී පුරවැසියන් ලෙස සම්බන්ධ කිරීමයි. මේ සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, මහජන ආරක්ෂක අමාත්‍ය ගරු සරත් වීරසේකර මැතිතුමා, ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මැතිතුමා ඇතුළු මීට අනුබද්ධිත විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද සහභාගී විය.

මේ සඳහා ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත කිරීමේදී ඔවුන් නිදහස් වී එළියට පැමිණෙන විට දරුණු අපරාධකරුවන් විමත්, වර්තමානයේ අපරාධවලින් 40%ක් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වීමත්, රටේ ශ්‍රමදායකත්වයට එම පිරිසේ දායකත්වය අහිමිවී යාමත් යන කාරණා මත මෙම පිරිස් පුනරුත්ථාපනය කිරීම ප්‍රධාන අරමුණ විය.

මෙම රැස්වීමේදී අපේක්ෂිත ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කළ අතර, එහිදී බන්ධනාගාරගත කළ යුතු, සමාජගත කළ යුතු හා වෙනත් නේවාසිකව පුනුරුත්ථාපනය කළ යුතු අයවලුන් යටතේ මෙම ව්‍යාපෘති සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවත් යෝජනා විය. එහිදී වෘත්තීය පුහුණුව සමාජගත කිරීම හා පසුවිපරම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් විය.

මෙම සැලැස්ම සඳහා විධායක හා කළමනාකරණ කමිටුවක් පත් කල අතර, ඊට අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා විවිධ ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් එය නිර්මානය කිරීමට තීරණය විය. මේ කටයුතු සඳහා ස්ථාන හඳුනා ගැනීම, ප්‍රතිකාර පාඨමාලාවක්, වෘත්තීය පුහුණුව, ආරක්ෂාව, සමාජගත වීම හා පසුවිපරම යන කරුණු කාරණා සම්බන්ධවද සාකච්ඡා කෙරිනි.

එසේම දගුකාලීන ඇබ්බැහිවුවන් හා කෙටිකාලීනව ඇබ්බැහිවුවන් ලෙස වර්ගීකරණය කළ යුතු බවත් බොහෝවිට අදාල අයවලුන්ගේ අනන්‍යතාවනය ආරක්ෂා වන පරිදි කල යුතු බව හා Online වැනි තාක්ෂණික ක්‍රම උපයෝගි කරගනිමින් උපදේශන සේවා සැපයීමට මෙම රැස්වීමේ දී සාකච්ඡාවට බදුන් විය.

මෙහිදී තරුණ හා ක්‍රිඩා කටයුතු අමාත්‍යංශය මගින් අවශ්‍ය ස්ථානීය පහසුකම් ලබා දීමට පොරොන්දු වු අතර, උපදේශකයන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙල කඩිනම් කිරිමත් සිදුවිය යුතු බවට යෝජනා විය.

Related posts

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

colombotoday

අධිකරණ නියෝග කඩකරමින් දෙමල සන්ධානය පාගමනක.|ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස වන සේ හැසිරෙයි.

colombotoday

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

colombotoday

සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමට සුදුසු බව චීන ජනපති ශ්‍රී ලංකා ජනපතිට යෝජනා කරයි

colombotoday

රෝගින්‍යා සංක්‍රමණිකයන් ගැන ස්ථිර තීරණයක් නැහැ.. රජයෙන් නිවේදනයක් !

colombotoday