ගංජා ගැහුවොත් පිස්සු හැදෙනවා යන්න මිත්‍යා මතයක් බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සංවිධායක වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතා සඳහන් කරන ලදි.
ඒ පිළිබඳව Colombo Today ශ්‍රී ලංකා අමධ්‍ය මහා සභාවෙන් විමසීමකදී එම සංවිධානයේ නියෝජ්‍ය සභාපති ශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටියේ ගංජා භාවිතයෙන් පැනික් ඇටෑක්ස් හැදෙන බවත් එය පිස්සු හදීමකට සමාන බවත් ය.
ගංජා මන්දපෝෂණයට භාවිතා කළ හැකි බවට දේශීය වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතා සිදුකල ප්‍රකාශය ද පිළිගත නොහැකි ප්‍රකාශයක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතිමිය ප්‍රකාශ කරන ලදි.