Colombo Today Local News

දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයි

ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 08 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහල උඩදෙනිය ප්‍රදේශයේදී ඊයේ (04) අලුයම ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැනීමෙන් අනතුර සිදුවී ඇත.

අනතුරෙන් ත්‍රීරෝද රථය මාර්ගයේ පෙරළී ගොස් තිබූ අතර එහි රියදුරු, පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් සහ ඇයගේ පිරිමි දරුවා බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කෙරුණි.

පසුව අවාසනාවන්ත ලෙස දරුවා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 08 හැවිරිදි දංපතිගම බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

අනතුරෙන් බරපතළ තුවාල ලද කාන්තාව තංගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ත්‍රීරෝද රථයේ රියදුරා ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටවගොස් පොලීසියට භාරවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව දික්වැල්ල පොලීසිය කියයි.

මේ අතර ඊයේ දහවල් ආණමඩුව නවගත්තේගම මාර්ගයේදී ද රිය අනතුරක් සිදුවී තිබුණි.

උස්වැව ප්‍රදේශයේදී පදික මාරුව මතින් ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරියක් ලොරි රථයක ගැටී ඇති අතර අනතුරෙන් ඇය ජීවිතක්ෂයට පත්වී ඇත.

Related posts

උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇතිබව පිළිගත යුතුයි.. සංහිදියාව පාසල් විෂයක් කරනවා – ජනපති

colombotoday

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

රනිල් ඉවත් කර අලුත් අගමැතිවරයෙක්.. එජාපයේ 43ක් මෛත්‍රීගේ සහයට !!

colombotoday

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday

හිටපු ජනපතිට ගෞරවනීය තනතුරක් ඉල්ලුවේ නෑ

colombotoday