Colombo Today Local News

“කැබිනට් නොවන අමාත්‍යාංශයක් නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා” – දිලිප් වෙදආරච්චි

ධීවර අමාත්‍යංශයේ ආයතන පහක් සමඟ කැබිනට් නොවන අමාත්‍යාංශයක් ලබාදෙන මෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන බවත් එම තනතුර නොලැබුණොත් තමා ඉල්ලා අස්වන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා පැවසිය.

ධීවර රාජ ඇමති දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (02) හලාවත කන්ජුක්කුලිය විදුහලේ තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් මෙසේ පැවසීය.

“මට අමාත්‍යංශයේ නිදහස නැහැ. කැබිනට් අමාත්‍යවරයෙක් පත් කර තියෙනවා. හැරිසන් මහතා අමාත්‍යවරයාගේ ලේකම්තුමා යටතේ තමයි අද මට වැඩ කරන්න වෙලා තියෙන්නේ. මම අගමැතිතුමාගෙන් ඉල්ලලා තියෙනවා මට ධීවර අමාත්‍යාංශයේ ආයතන පහක් එක්ක කැබිනට් අමාත්‍යංශ ලබා දෙන්න කියලා. අවුරුදු හතරක් තිස්සෙ ධීවර අමාත්‍යාංශයේ අමාත්‍යවරු හතරක් හිටියා. ලේකම්වරු හතරක් හිටියා. මේ අට දෙනාම දෙනා ම ධීවරයන්ගේ ප්‍රශ්න ගැන බැලුවේ නෑ.

ලංකාවේ ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයින් ලක්ෂ 25කට වැඩියි. ධීවර කර්මාන්තය අද අනාථ වෙලා. ඒ අයගේ අඩුපාඩු හොයන්න කෙනෙක් නෑ. බලපත්‍රයක් ගන්න විදිහක් නෑ. අමාත්‍යාංශයේ කවදාවත් මේ තත්ත්වය උදාවෙලා නෑ. මම ධීවර කර්මාන්තය කරන මිනිහෙක්. ධීවරයා ආරක්ෂා කරගන්න ඕන. ඒ කටයුකු අද වෙන්නේ නෑ. ඒ කටයුතු නිසි විදියට කරන්න අමාත්‍යංශය මට භාරදෙන්න කියනවා. බාර නොදුන්නොත් මම මේ අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙනවා” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි අද සිට

colombotoday

කෑගල්ලේ රෝගීන් 50.. රත්නපුරේ 125යි.. රටපුරා රෝගීන් 2000 ක්.. ලාදුරු නැවත හිස එසවීමේ අවධානමක්

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

colombotoday

නව ව්‍යවස්ථාවට පොල්ල දමන, ගිය ආණ්ඩුවේ චූදිතයන් හිරේ නොදමන “තක්කඩියෙක්“ ගැන වික්‍රමබාහු හෙළිකරයි (Video)

colombotoday

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday