Colombo Today Local Newsfeatured

ජනපති හෝ ඝෝඨාභය හෝ ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන අංශයේ ලොක්කා DIG නාලක සැලසුම් කරලා

“රටේ ජනාධිපති විශ්වාස කරන්න බෑ. අපි අගමැති තුමාට ලකුණු වැටෙන්න වැඩ කරන්න ඕනි. 2020 අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන දෙන්නා එකතු වෙනවා. අගමැති තුමා සහ ජනාධිපති අතර ගැටුමක් තිබෙනවා. අපිට බැරිම අවස්ථාවක් අවොත් 2020 කිට්ටු උනහම මාකඳුරේ මදුෂ් යොදවලා කරන්න පුළුවන් දෙයක් කරන්න” යැයි ත්‍රස්ත විමර්ශන ඒකකයේ DIG නාලක සිල්වා තමන්ට උපදෙස් ලබා දුන් බව නාමල් නමැති පුද්ගලයෙකු ඊයේ (12) මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කුමාර මහතා මෙසේ ද සඳහන් කළේය.

පසුගියදා මහනුවර සිංහල – මුස්ලිම් ගැටුමක් ඇති වුණා. එයට සම්බන්ධ යැයි කියමින් “මහසොහොන්” බළකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වුණා. මේ අත්අඩංගුවට ගැනීමේදී අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ගැන විශේෂ හෙළිදරව්වක් කිරීමට අද අප කටයුතු කරනවා. ඒ අත්අඩංගුවට ගැනීම් මානුෂිකව සිදුවුණා කියා පිළිගන්න හැකියාවක් නැහැ. මොහුගේ අභිමතාර්ථයන්ට අනුවයි මේ අත්අඩංගුවට ගැනීම් සිදුවුණේ.

එයට සාක්කි අපි ළඟ තිබෙනවා. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා දූෂිත නිලධාරියෙක්. මම යම් ත්‍රස්තවාදී කටයුත්තක් පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නා. එතුමා මට ඒ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර දුන්නා. මම එතුමාත් සමඟ කටයුතු කරන අවස්ථාවේදී රොහින්ග්‍යා සිද්ධිය සම්බන්ධයෙන්ද එතුමා මගෙන් උදවු ඉල්ලුවා. එතුමා කිව්වා මේ අය ගත්තොත් මට පොලිස්පතිවරයා වෙන්න පුළුවන්. එවිට අපි දෙන්නටම හොඳයි කියලා.

මොහු පොලිස්පති වීමේ සිහිනයෙන් රාජකාරි කරනවා නම් එතැන යම් ප්‍රශ්නයක් තිබෙනවා. මේ පුද්ගලයා රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ තනතුර ලබා ගන්න දැනට ඒ තනතුරේ ඉන්න පුද්ගලයා නෙරපා හරින්න අවශ්‍ය කුමන්ත්‍රණ දියත් කරනවා. ඒ පිළිබඳව මා ළඟ සාක්කි තිබෙනවා. මම සාක්කි සහිතව ජාතික පොලිස් කොමිසමට ඒ ගැන පැමිණිලි කරන්න අද හෝ හෙට කටයුතු කරනවා.

“රටේ ජනාධිපතිවරයා විශ්වාස කරන්න බැහැ. අගමැතිවරයාට ලකුණු වැටෙන්න වැඩ කරන්න ඕනෑ. 2020දී ගෝඨාභය සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු වෙනවා. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් තිබෙනවා. ඒ නිසා අපිට ජනාධිපතිවරයා විශ්වාස කරන්න හැකියාවක් නැහැ.”

“අපට බැරිම අවස්ථාවක් ආවොත් 2020 ළංවෙනකොට ගෝඨාභය රාජපක්‍ෂට හරි මෛත්‍රිපාල සිරිසේනට හරි මාකඳුරේ මධුෂ් කියන පාතාල නායකයා යොදවා කරන්න පුළුවන් දෙයක් කරන්න කියා මොහු මට කීවා. මේ දෙදෙනා සමඟම මාකඳුරේ මධුෂ්ට ප්‍රශ්න තිබෙන නිසා මෙය කළ හැකි බව ද ඔහු කීවා.” යැයි හෙතෙම සඳහන් කළේය.

මාකඳුරේ මධුෂ් යම් සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇති විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ වසරක් පමණ සිටි බවත් ඒ වකවානුවේ ඔහු සමඟ හිතවත්කමක් ගොඩනඟා ගත් බවත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා සමඟ පැවැසූ බව ද ඔහු පැවැසීය.

ඔහු ඩුබායිවලට ගියාට පසුව ඒ සම්බන්ධතාව දිගින් දිගටම පවත්වාගෙන ගිය බවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට පෙරමුණ ගෙන සිටින නිසා මාකඳුරේ මධුෂ් ඒ චරිතය විනාශ කරන්න පෙරමුණ ගෙන ඉන්නා බවත් ඔහු පැවැසූ බවත් නාමල් කුමාර මහතා පැවැසීය.

තමා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ ඇති හිතවත්කම් මත සාමාන්‍යයෙන් ත්‍රස්ත කටයුතු පිළිබඳවත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වන බවද ඔහු පැවැසීය. අපි අම්පාරේදී හරි මඩකළපුවේදී හරි ජනාධිපතිවරයාට ගහලා පුෂ්පරාජ්ගේ පැත්තට මේ කේස් එක දාමු කියා නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසූ බවත් කී ඔහු මේ ගැන පැවැත්වූ දුරකථන සංවාද පවා මාධ්‍යට ඇසීමටද සැලැස්වීය.

මෙම සාකච්ඡාවට එම සංවිධානයේ සාමාජික දිල්ශාන් විජයානන්ද දර්මේන්ද්‍ර සහ රසික සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.

එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව…

Related posts

නිළියන් තොගයක් FCIDයට.. සිල් බිඳ ගත් නිළියකුත් ඒ අතර

colombotoday

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

ජනපති පෞද්ගලික මුදලින් පාර්ලිමේන්තුවට ගෘහ භාණ්ඩ පරිත්‍යාග කළා

Admin

2028 දී තියෙන්නෙත් මාලිමා ආණ්ඩුවමයි

Admin

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක්

colombotoday