Colombo Today Local News

මේ වසරේ දී පමණක් පුත්‍රයින්ගේ පහරදීමෙන් පියවරු 6ක් ඝාතනය වෙලා.

මේ වසරේදී පිය පුතු ආරවුල් දුරදිග යෑමෙන් පියවරු 6 දෙනෙක් තම පුත්‍රයන් අතින් ඝාතනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (26) සඳහන් කර සිටියා.

තමන් ඇති දැඩි කල දෙමව්පියන් ඝාතනය කරන තත්වය ට පත්වීම ඉතා කණගාටු දායක තත්වයක් බවයි ඒ මහතා සඳහන් කර සිටින්නේ.

වඩු මඩුවේ මුදල් හබය දුරදිග යයි. – පුතාගේ පහර දීමෙන් පියා මරුට

මෙහි ආසන්නතම සිද්ධිය ලෙස බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදී 29 හැවිරිදි පුත්‍රයාගේ පහර දීමෙන් 69 හැවිරිදි පියා ඝාතනය වී ඇති බව අජිත් රෝහණ මහතා පවසයි.

පියා සහ පුතා විසින් පවත්වාගෙන ගිය වඩු මඩුවක මුදල් පිළිබඳව ඇතිවූ අරවුලකදී පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් පියාට පහර දීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇත.

Related posts

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

විශ්වවිද්‍යාලවලින් බිහිවන උපාධිධාරීන් රැකියා වෙළඳපොලට ගැලපෙන්නේ නෑ… වසර 28කට පසු ජනපති අලුත් ඉසව්වකට අත තියයි !

colombotoday

මරදාන ශාන්ත ජෝශෆ් විදුහලේ ගින්නක්

colombotoday

පාස්පෝර්ට් ගන්න යලි දිගු පෝලිම් ,ආචාර්යවරයෙක් දුක කියයි

Admin

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

Admin