Colombo Today Sports News

දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි 

ඉන්දීය කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයයට එක්වීමේ අරමුණින් ක්‍රීඩකයින් 08 දෙනෙකු ඉන්දියාව බලා පිටව ගොස් තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය මෙලෙස ඉන්දියාව බලා පිටව ගොස් ඇති ක්‍රීඩකයින් වනවා.

මේ අතර මෙම ක්‍රීඩකයින් 08 දෙනා අතර සිටින නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව ලබන 27 වනදා අවසන් වීම හේතුවෙන් ඒ සඳහා ඉන්දියාවෙන් අවසර හිමිව නොමැති බවයි වාර්තා වන්නේ.

නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා මෙරට තුළදීත් ජෛව ආරක්ෂිත බුබුළක රැඳී සිටීමෙන් අනතුරුවයි ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි විස්සයි විස්ස තරග දෙක සඳහා එක්කර ගැනීමට ඉන්දීය බලධාරීන් සමඟ වැඩිදුරටත් සාකච්ඡා
සිදුකරමින් පවතින බවයි තේරීම් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මේ අතර දෙරට අතර දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග හෙට (26) සහ අනිද්දා (27) යන දිනයන් වලදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

Related posts

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday

තරග පාවා දීමේ චෝදනා: සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේපයි

colombotoday

චමින්ද වාස් තවත් තනතුරක් අතහරී.. 26ට පසු කිසිම සහයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නෑ

colombotoday

ලොව ක්‍රිකට් තරු සහභාගී වන ශ්‍රී ලංකා ප්‍රිමියලිග් කාල සටහන නිකුත් වේ.

colombotoday

LPL කොළඹ කණ්ඩායමේ හිමිකාරිත්වය අශෝක් පතිරගේට

colombotoday

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday