Colombo Today Local News

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත්තේ ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා එම්. ජී. පත්කිරීමටය .

ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටී.

1969 අගෝස්තු මස පේරාදෙණියේදී උපත ලද ඇය පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ විද්‍යා අංශයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබුවාය.

පාසල් සමයේ සිටම විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරතව සිටි ඇය රතු කුරුස සමාජයට එක්වී ඉතා කෙටි කාලයක් තුළ රතුකුරුස හෙදියක් ලෙස ද කටයුතු කිරිමට වරම් ලැබීය.

දශක දෙකකට වැඩි කාලයක් පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට සිදුවන අසාධාරණකම් සඳහා නොබියව පෙනී සිටි ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබේ.

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ සගවන වෙළෙදුන්ට වැඩ වරදී

colombotoday

ඉදිරියේදී සංචරණ සීමා පැනවීම සෞඛ්‍ය වර්තා අනුව

colombotoday

පුංචි මන්ත්‍රීන් ඉල්ලූ වචනය මහින්ද දෙයි… තීරණාත්මක යෝජනා 5ක් සම්මත කරගනී

colombotoday

නීතිපති නිර්දේශ තාම නෑ.. බුද්ධාගමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුවෙන් ෂේප් වෙන්න ඉල්ලයි !

colombotoday

මේ වැරැද්ද කලොත් බටහිරයට කෙලින්ම ගහනවා

Admin

මහින්ද මුස්ලිම් පල්ලි පමණක් 200ක් හැදුවා..ග්‍රෑන්ඩ්පාස් බෝධියේ අත්ත පල්ලියට වැටුනම පල්ලිය ඇතුලෙන් කපන්න නියම කළේ මහින්ද විතරයි..

colombotoday