Colombo Today Local News

දෙවනගල පුරාවිද්‍යා ස්මාරක වැළලීමට යලි උත්සහ ගනී. | පූජා භූමියට අයිති ඉඩමේ අනවසර සංවර්ධනය හිමිනමගේ මැදිහත් වීමෙන් නවතී

ඓතිහාසික දෙවනගල පූජා භූමියට අයිති ඉඩමක් කිසිදු අවසරයකින් තොරව බැකෝ යන්ත්‍රයක් යොදා කරන්නට උත්සාහ කරන ලද සංවර්ධන කටයුත්තක් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් මාවනැල්ල පොලිසිය මඟින් ඊයේ (16) අත්හිටුවීමට කටයුතු කර තිබුණි.

මේ පූජා භූමියේ ඉපැරණි පුරා වස්තු විනාශය සහ පූජා භූමියට අයිති ඉඩකඩම් රැසක්ම විවිධ පුද්ගලයන් විසින් අල්ලාගෙන සංවර්ධන කටයුතු සිදුකරමින් පුරා විද්‍යා වටිනාකමට හානියක් වන ලෙසත්, ජාතික උරුමය විනාශ වන ලෙසත් දැනට වසර ගණනාවක සිටම සංවිධානාත්මක ලෙසම මේ ඓතිහාසික උරුමය විනාශ විමට කටයුතු සිදු විය.

පසුගිය කාලයේ මේ සිදු වන විනාශය ජනමාධ්‍ය හරහා පෙන්වා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවදානය ඒ වෙත යොමු වි මේ ජාතික උරුමය අනාගතයට ආරක්ෂාකර දීම සඳහා දෙවනගල රජමහ විහාරයේ සංඝාවාසය අවට පළමු මැනුම හැටියට අක්කර 85ක් මැන මායිම් ලකුණු කර අවසන් කරන ලද්දේ දැනට මාස දෙකකට පෙරයි.

ඉන් අනතුරුව දෙවැනි මැනුම දෙවනගල විහාරභූමිය ගල් පර්වතය සහ දැනට පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්මාරක රැසක් පවතින බිම මැනීම සඳහා රජය විසින් අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර තිබෙන මොහොතක සංවිධානාත්මක පිරිසක් විසින් 16 වැනි දින පෙරවරුවේ බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන දෙවනගල විහාර භූමියේ පාදමේ ගොඩ කරන ලද කුඹුරු ඉඩමක් බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන ඉපැරණි ගල් පුවරු සහ ගල්පාදමට යොදා ගත් ඉපැරණි ගල් කණු පොළොව හරා ඒවා වළ දමා ඒ සියල්ල විනාශ වන ලෙස සංවර්ධන කටයුත්තකට සකස් කරමින් තිබුණි.

Related posts

හිස්බුල්ලාට ආධාර දුන් කටාර් චැරිටි ත්‍රස්තවාදී සංවිධානයේ තහනම ඉවත් කරයි – තෙල් ගන්න ගිය ඇමති පුණ්‍යායතනයේ නිලධාරීන් හමුවෙයි.

colombotoday

ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ආණ්ඩුව සහ පොලීසිය සැලසුම් කරනවා නම් ජනතාවගේ ආරක්ෂාව ගැටළුවක් – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් සහ පොලිස්පති ධුරවලින් ඉවත් කිරීමට යයි

colombotoday

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

colombotoday

වැට් බදු පැනවීම අසාධාරණයි.. සිගරට්ටුවට විතරක් නෙවෙයි බීඩියටත් බදු ගැසිය යුතුයි

colombotoday

අරලියගහ මැදුරේ රාජිතගේ උත්සවයට ආ අයට රු. 350හේ පිළුණු කෑම දීලා !

colombotoday