ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට කපන ලද කිතුල් ගසක් වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවක් වාර්තා වේ.
බරපතළ තුවාල ලද එම පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම අනතුර සිදුවී ඇත්තේ හඟුරන්කෙත කැටිල්ලවල ප්රදේශයේදී ඊයේ (15) සවස් කාලයේදී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉස්කෝලවත්ත ඇකිරිය ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.
පොලීසිය සඳහන් කළේ එම මරණය සම්බන්ධයෙන් ගස කපන ලද බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.