Colombo Today Local NewsTop Stories

පොලිස්පති හැංගුණු තැන ගෙදර මායියාද නොදනී!!! නාඩගමකින් කෝලමකට හැරුණු පොලිස් නාටකය

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මොහොතකට පෙර අසන්නට ලැබුණු අලුත්ම පුවතින් කියැවුණේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ සහ පුත්‍රයා හෝකන්දර පිහිටි සිය නිවසට යළි පැමිණ ඇති බවත්, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි ගොස් පොලිස්පති බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කොට ගෙන ඇති බවත් ය.

තම සැමියා සිටින ස්ථානයක් තමන් නොදන්නා බවට, එම ප්‍රශ්නකිරීම් හමුවේ ඇය ප්‍රකාශ කොට තිබෙන බව පුවත් වාර්තා උපුටා දක්වයි.

නැවතද මතක් කළ යුතු කරුණ වන්නේ පොලිස්පති අතුරුදන් වී අදට දින 15ක් බවයි.

ඔහු සැඟවී සිටින ස්ථානය ගැන මේ වනවිටද ආන්දෝලනාත්මක කටකතා පළ වෙමින් තිබේ. ඒ සියල්ල කේන්ද්‍රගත වන්නේ එකම ස්ථානයක් කරාය.

පොලිස් කෝලමෙන් ආණ්ඩුව සළු වෙයිද? දුෂ්ඨයා හිටපු පොලිස් ඇමතිද?

අන්තරේ හිටපු කැඳවුම්කරු සහ ජන අරගල සන්ධානයේ සාමාජිකයෙකු වන වසන්ත මුදලිගේ ඊයේ මාධ්‍ය අමතමින්, පොලිස්පති අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය තුළ විද්‍යාමාන වන ආණ්ඩුවේ නොහැකියාව බරපතල ලෙස විවේචනයට ලක් කළේය.

පොලිස්පති සොයා සාගලගේ ගෙට පැන්න පොලිසියට ටිරාන්ගේ නිවස සෝදිසි කිරීම කළ නොහැක්කේ මන්ද යන කාරණය ඔහු සෘජුව ප්‍රශ්න කළ අතර ඒ සම්බන්ධයෙන් Colombo Today අපටද ආණ්ඩුව පිළිබඳ ප්‍රබල විවේචනයක් තිබෙන බැව් කිව යුතුමය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රද මෙම කාරණාව සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රබල විවේචනයක් කළේ මේ අයුරිනි.

කෙසේ වෙතත් ගෙදර මායියාටත් හොයාගන්න බැරි තැනක හැංගීම යනු කරන්න අපහසු වැඩක් නොව, කරන්න බැරි වැඩක් බව ලියුම්කරුගේ හැඟීමයි. ඒ අතින් දේශබන්දු තෙන්නකෝන් යනු වැඩ්ඩෙක් නොව සුපිරි වැඩ්ඩෙක් බව නොකියාම බැරිය.

එසේම, නාටකයකින් නාඩගමකට හැරී කෝලමක් දක්වා දුරදිග ගොස් තිබෙන දේශබන්දුගේ මේ සළු පාලිය ළඟදීම අවසානයක් කරා යන ලකුණු පිළිබඳ කුඩා ඉඟියක් ඔහුගේ බිරිඳ සහ පුත්‍රයාගේ මේ හදිසි ආගමනයෙන් පිළිබිඹු වේ යැයි අපි සිතමු. මන්දයත් මේ හින්නික්කිතර රටේ සදාකාලයට හැංගී සිටීම හීනයක් පමණක් බැවිනි.

නැවතද මතක් කොට ලියමි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී අදට හරියටම දින 15කි. ආණ්ඩුව තවමත් ප්‍රශ්නය හෝද හෝදා ආතල් ගනී.

සටහන – Chalana

Related posts

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

colombotoday

ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගත්තැයි හිරුණිකා වරද පිළිගැනීමට සූදානම්.. අධිකරණයට දැනුම් දෙයි

colombotoday

යාපනේ ක්‍රීඩාංගණයක් අසලින් බෝම්බ ගබඩාවක් මතුවෙයි…

colombotoday

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin

තෙල්දෙණියේ ගැටුමෙන් ජිවිත අහිමිවූවන්ගේ පවුල්වලට රවී කරුණානායක මහතාගෙන් මුල්‍යාධාර

colombotoday