ඓතිහාසික දීඝවාපි දැගැබේ දකුණු වාහල්කඩ කැණීමේදි පුරා විද්‍යා කැණීම් අංශය මගින් සොයා ගනු ලැබු ශෛලමය මංජුසාව තුළ වු රන් කරඬු හතරින් එක් කරඬුවක බ්‍රාහ්මීය අක්ෂර සහිත රන් සන්නසක් මතු කර ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතා එම රන් සන්නස කියවා, එහි අපර බ්‍රාහ්මී අක්ෂරයෙන්
‘සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ’
යනුවෙන් සදහන් වන බවද, එය සිංහල බසට නැගූ විට ‘යහපතක් වේවා! මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිටතිස්ස)රජුගේ රන් කරඩුව’ යනුවෙන් සදහන් වන බවද පැවසීය.
මෙම සන්නසට සමානව 1987 ජනවාරි 23 වන දින දීඝවාපි දාගැබේ බටහිර වහල්කඩින් සොයා ගත් මංජුසාවේද රන් සන්නසක් තිබු බව ඒ මහතා පැවසීය.
මේ සන්නසට අනුව මහල්ලකනාග මහ රජු නාමයෙන් හැඳින්වෙනුයේ ප්‍රදානයට අදාල රජුගේ පියාය. එතුමා ක්‍රිස්තු වර්ෂ 134 සිට 140 දක්වා පාලනය කල බවත් ඒ රජුගේ පුත් කණිට්ඨතිස්ස රජතුමා මෙය ප්‍රදානය කර ඇති බවත්, මළිතිස හෙවත් කණිට්ඨතිස්ස යන නාමය මෙහිදි කියවෙන බවත්, ඒ මහතා පැවසීය.කණිට්ඨතිස්ස ක්‍රිස්තු වර්ෂ 164 -192 තෙක් රජ කළ බව මහා වංශයේ සදහන්වේ.අදින් වසර 1800 පමන ඉතිහාසයක් මෙහි ඇති බව මෙහිදී දැනගන්නට ලැබිණි.
එමෙන්ම මෙම රන්කරඬු තුල ඇති සංඛේත ලක්ෂණ අනුව සර්වඥ ධාතුන් වහන්සේලා මෙම මංජුසාව තුළ තැන්පත් කර ඇති බවට සාධක තිබෙන බව නාමල් කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ඒ අනුව නෙළුම් මලක් සිරිපා සළකුණක් මෙම ධාතුන් තැන්පත් කිරීමට යොදා ගත් රන්පත්වල නිර්මාණය කර තිබේ.
මෙම සොයාගැනීම් පිළිබදව අම්පාර දිසා ලේකම් කාර්යාලයෙදි තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
රන් සන්නස