Colombo Today Local News

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුව : තීන්දුව කල් යයි

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

එම තීන්දුව අද (06) දින ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේ, එම නඩු තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශ කිරීම ලබන 12 දක්වා කල්තබන බවය.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කළේය.

එම මෙහෙයුම අතරවාරේ බන්ධනාගාරය තුළ තිබූ ආයුධ ගබඩාව බිඳ එහි තිබූ ගිනි අවි රැඳවියන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වූ අතර එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක තුනක් බන්ධනාගාරය තුළට යොමු කෙරුණු බව ද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

එම ගැටුම මැඩ පැවැත්වීම සිදුවන අතරවාරයේ එම නඩුවේ චුදිතයන් විසින් තෝරා ගත් රැඳවියන් අට දෙනකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ නීති විරෝධී ජන රාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබේ.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට සැලසුම්

colombotoday

සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර ලෙස නම් කර ජනපති මෛත්‍රී නික්ම යයි

colombotoday

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

ISIS ජාලයට රිංගා සියල්ල අනාවරණය කරගත් අපේ බුද්ධි අංශය බිද දැමූ දුක හිතෙන කතාව….

colombotoday

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

colombotoday

මන්කිපොක්ස් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමේදී WHO සහය

colombotoday