Colombo Today Local NewsTop Stories

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු දැලේ!

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කොලොන්නාව සාමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් අප්‍රේල් 22 වනදා රාත්‍රියේදීය.

මෙම අපරාදය සම්බන්ධයෙන් බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකළ අතර දුලාන් නම් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම ඝාතනය කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් සිදුකරන ලද්දක් බවට ආනාවරණය වී ඇත්තේ එම පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලින් වන බව පොලිසිය විසින් අනාවරණය කොටගෙන තිබුණි.

එසේම ඩෑන්ගේ සොහොයුරාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන බන්දුල පියල් සහ සුදර්ශන මාධව යන පිය පුතු දෙදෙනා සම්බන්ධයෙන් ද මෙහිදී පොලිස් විමර්ශන ඇස යොමු විය.

ඝාතන සිද්ධියෙන් පසු නිවෙස් අතහැර පලා ගොස් සිටි මෙම පුද්ගලයින් දෙදෙනා මෙම ඝාතනයට සම්බන්ධ බව දුලාන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී තහවුරු කර ගැනීමෙන් අනතුරුව කරන ලද විමර්ශනවලදී සැකකාර පිය පුතු දෙපලගේ පියා වන 52 හැවිරිදි බන්දුල පියල් නම් පුද්ගලයා කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ සැඟවී සිටින බවට අනාවරණය වී තිබේ.

ඊයේ පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගැනුනේ මෙසේ පොලිසියට ලද තොරතුරකට අනුවයි.

වෑබඩ උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත බස්නාහිර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරයි.

සටහන-සත්සරණී

Related posts

ජනතාවට සහන දෙන්න අන්තර්වාර අයවැයෙන් රුපියල් බිලියන 200ක්

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ රැස්වීමට යන්න සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක්

Admin

කැබිනට් මණ්ඩලය අධීක්ෂණයට කමිටුවක්

Admin

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති ධුරයට

colombotoday

VAT වැඩිවුයේ මහබැංකු බැදුම්කර වංචාවේ බිලියන 145 ක පාඩුව පියවන්නයි

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday