Covid 19

ආදිවාසි නායක පවුලේ කිහිප දෙනකුට කොරෝනා

දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත.

තම බිරිඳ කොවිඩ් රෝගය වැළදුනු බවට තහවුරු වීම හේතුවෙන් මහියංගන රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සදහන් කළේය.

දඹානේ ආදී වාසී ගම්මානය සහ ඒ අවට ජීවත් වන ජනතාව වෙනුවෙන් කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

එම ප්‍රදේශයේ පුදගලයන් 115 දෙනකු සදහා පෙරේදා (27) දින සිදුකළ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී 44 දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග අසනීප තත්ත්වයේ පසුවන අය රෝහල්ගත කර ඇතැයි ද සදහන් වෙයි.

Related posts

කොවිඩ් පාලනයට සිව්වන වන එන්නත් මාත්‍රාව කඩිනමින්

colombotoday

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

බන්ධනාගාර කොරෝනා පොකුර 156 දක්වා ඉහළට

colombotoday

නව ආසාදිතයින් 305ක්

colombotoday

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

colombotoday

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.

colombotoday