Colombo Today Local News

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින් බිය වද්දයි – ජනපතිට පැමිණිලි


crpc2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය මෙරට පාරිභෝගිකයින් මුලා කරමින් සිටින අතර ඒ පිළිබදව විෂයභාර ඇමතිවරයා කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බව පවසමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (01) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ,

“2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරිය පනත අනුව එම අධිකාරියේ විධායක අධ්‍යක්ෂක නමින් තනතුරක් නොමැත. එහෙත් පූර්ණ කාලීන සාමාජිකයින් එසේ විධායක අධ්‍යක්ෂකවරු ලෙස හදුන්වා දිමෙන් හා ඔවුන් විසින් පැමිණිලි මංඩලයේදී තමන් විධායක අධ්‍යක්ෂක ලෙස හදුන්වා ගැනීමෙන් මෙරට පාරිභෝගිකයා බියට පත්වන අතර එය පාරිභෝගිකයා නොමග යැවීමකි.
ඔවුන් භාවිතා කරනු ලබන කාඩ්පතෙහිද දැක්වෙන්නේ තම තනතුර විධායක අධ්‍යක්ෂක ලෙසයි. තවද පාරිභෝගික කටයුතු අධිකාරියේ නාම පුවරු වලද එසේ සටහන් කර ඇත.
අපගේ මෙම පැමිණිල්ල පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.”

Related posts

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

colombotoday

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

colombotoday

ඇලෝසියස්ගේ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ බැංකු ගිණුම් 28ක් අත්හිටුවයි

colombotoday

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday