Colombo Today Sports News

සැහැල්ලු ක්‍රිකට් ගොඩගන්න ප්‍රබලයෙකු මුල් පුටුවට

දිවයිනේ ක්‍රීඩා සංගම් 25ක් නියෝජනය කරමින් පැවැත්වෙන ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ 35 වැනි වාර්ෂික නිලවරණය ඊයේ (29) තලවතුගොඩ, කැෆේ 47 ස්ථානයේදී පැවැත්විණි.

ඒ අනුව 2021/ 2023 සැහැල්ලු පන්දු ක්‍රිකට් නිලධාරී මණ්ඩලයේ සභාපති ධූරයට අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගනාත් මහතා පත් කෙරිණි.
උප සභාපතිවරුන් ලෙස චන්ද්‍රපාල ලියනගේ, තිසර ගුණසිංහ, සුපුන් නිර්මාල් ජීවනන්ද, සුධර්මන් රඳලියගොඩ, ධම්මික සොලමන් යන මහත්වරුන් පත් කෙරිණි. ප්‍රධාන ලේකම් ලෙස ලුතිනන් කර්නල් එච්.ඩී.එල් රවීන්ද්‍ර මහතා පත් කෙරිණි. භාණ්ඩාගාරික නාමල් ජයසූරිය මහතා පත් කෙරිණි.

1979 වර්ෂයේ රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කළ ටියුරින් විජේසිංහ මහතා ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ ප්‍රථම ලේකම්වරයා ලෙස පත් විය.

1981 වර්ෂයේදී ක්‍රීඩා සංගමයක් ලෙස ලියාපදිංචි කර ඇති ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය ආරම්භක සමයේ සඳහන් කර තිබුණේ මුදු පන්දු ක්‍රිකට් ලෙසයි. කාන්තා ක්‍රිකට් ලංකාවේ ස්ථාපිත කළේ ද සැහැල්ලු පන්දු ක්‍රිකට් හරහායි.

මුලින්ම ලංකාවේ සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම් 13ක් ක්‍රීඩා කර තිබෙන අතර එහි ක්‍රියාකාරී දිස්ත්‍රික්කය වූයේ පුත්තලම දිස්ත්‍රික්කයයි. කොළඹ උතුර, කොළඹ දකුණ, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සැහැල්ලු පන්දු ක්‍රිකට් ප්‍රචලිත වී තිබිණි.

1988දී කණ්ඩායම 42ක් මන්නාරමේදී ක්‍රිකට් තරඟාවලියකට සහභාගී තිබූ අතර සැහැල්ලු පන්දු ජාතික කණ්ඩායම තෝරා ගැනීමට දිස්ත්‍රික් මට්ටම තිබේ. ඊට අමතරව සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය ලොකු ගැටලුවකට මුහුණ දී සිටින්නේ අරමුල් නොතිබීමයි.

අභිනව සභාපති කිත්සිරි ගංගනාත් මහතා සඳහන් කළේ මෙම ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය පවත්වාගෙන ගොස් ඇත්තේ හිටපු සමාජිකයින් තම තමන්ගේ පුද්ගලික ධනය ශ්‍රමය ලබා දෙමිනි.

දිස්ත්‍රික් 25ක සමාජිකයින් සිටින බවත් මේවනතෙක් අවශ්‍ය අවස්ථාවන්හිදී පුද්ගලික ආයතන සහය ලබා දී තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Related posts

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

ලසිත් මාලිංග ක්‍රිකට් ක්‍රීඩාවට ආයුබෝවන් කීමට සැරසෙයි

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday

ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව පරාජය වැළදගනී… එංගලන්තයට වාර්තාගත ජයක්….

colombotoday

රංගන හේරත් කොදෙව්වන් දඟ කවයි. ලංකාවට ඉනිමක ජයක්.

colombotoday