Covid 19

තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 14ක් සොයා ගනී

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මෙම ආසාදිතයන් කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා ප්‍රදේශය ,කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් මෙලෙස හමුවී ඇත.

මීට පෙර ද ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 5 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණු අතර ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයින් සොයා ගැනීමට හැකියාව ලැබුණු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

colombotoday

ලොව පුරා කොවිඩ් 19 මරණ 19675 යි – ආසාදිතයන් 438749 යි

colombotoday

කොළඹ ජාතික රෝහලේ 34 35 36 වාට්ටු වසා දමයි

colombotoday

යාපනය පොලිසියේ නිලධාරීන් 20කට කොරෝනා

colombotoday