Covid 19

මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා

බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පයාගල පොලිස් වසම තුල පිහිටි මග්ගොන නගරය ඇතුලු ග්‍රාම නිලධාරී වසම් තුනක් සදහා තාවකාලිකව සංචරණ සීමා පනවා ඇතැයි බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද(20) පැවසීය.

මග්ගොන ප්‍රදේශයේ පසුගිය දින දෙකකදී සිදු කල පී.සී.ආර්. පරීක්ෂණ 247 න් පුද්ගලයන් 131 ක් දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් බව හදුනා ගැනීමෙන් පසු ඒ අනුව පාර්ශව කිහිපයකගේ එකගතාවය මත මග්ගොන නැගෙනහිර, මග්ගොන බටහිර. සහ අක්කරමලේ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවලට තාවකාලික සංචරණ සීමා පනවා ඇත.

බේරුවල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් 19 ආසාදිත සමස්ථ පුද්ගලයන් 361 ක් දෙනෙකු මේ වනවිට වාර්තා වී ඇති බවත් මග්ගොන නගරයේ වෙළදසැල් සියල්ලම වසා දැමීමට කටයුතු කල බවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

පොලීසිය හා සෞඛ්‍යය අංශ මග්ගොන නගරය ඇතුලු ප්‍රදේශ තුනෙහි සංචරණ සීමා පැනවීමත් සමග අද පෙරවරුවේ මග්ගොන නගරයේ වෙළෙඳ සැල් වසා දැමීමට පැයකට පමණ පෙර පාරිබෝගික ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ලහිලහියේ කටයුතු කරනු ඇත.

Related posts

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සුව වීමේ ධාරිතාව ඉහළ මට්ටමක.

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන පළමු වරට චීනය පසුකරයි

colombotoday

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

නව ආසාදිතයින් 2,340ක්

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday