Covid 19

කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉකුත් ජූලි මාසයේදී පොලිස් නිලධාරීන් පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට කොරෝනා ආසාදිත ව මිය ගිය පොලිස් නිලධාරීන් ගණන 17 ක් බව ද එම බවද එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා ආසාදිත ව අවසන් වරට එනම් ඉකුත් 31 මියගොස් ඇත්තේ මිරිහාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ 59 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි. මෙම පොලිස් නිලධාරියා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් එකක් හෝ ලබාගෙන නොමැති බවද සඳහන් වෙයි.

පෙබරවාරි සහ අප්‍රේල් යන මාසවලදී දෙදෙනකු බැගින් ද, මැයි මාසයේදී 06 දෙනකු, ජූනි මාසයේදී 4 දෙනෙකු හතර දෙන4 දෙනෙකු සහ ජුලි මාසයේදී පස්දෙනෙකු වශයෙන් පොලිස් නිලධාරීන් 17 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදිත ව මිය ගොස් තිබේ.

මියගිය අය අතර පොලිස් කොස්තාපල්වරුන් 06 දෙනකු , පොලිස් සැරයන්වරු 06 දෙනකු, උප පොලිස් පරීක්ෂකවරු 05 දෙනකු සහ පරීක්ෂකවරයෙකු ද වෙති.

මෙලෙස මරණයට පත් වූ පොලිස් නිලධාරීන් සේවය කර ඇත්තේ මොණරාගල, ඇටම්පිටිය, පස්සර, තෙල්දෙණිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, හලාවත, බුලත්කොහුපිටිය, අම්පාර, මහනුවර, පයාගල, කාරගඩුල, ගිරිඋල්ල, නූරිය, ඇඹිලිපිටිය සහ මිරිහාන යන පොලිස් ස්ථානවල ය .

කොරෝනා ආසාදිත ව මියගිය පළමු පොලිස් නිලධාරියා වන්නේ මොනරාගල පොලිසිය සේවය කළ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක පී ඩී නන්දිරිස් අප්පු මහතාය. ඔහු ඉකුත් පෙබරවාරි මස 6 වැනිදා කොරෝනා ආසාදිත ව මිය ගියේය .

Related posts

ඒකල කර්මාන්ත ශාලාවක 39කට කොවිඩ්

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 47,000 ඉක්මවයි.| ඊයෙත් කොවිඩ් මරණ 4ක්.

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන්ට කොවිඩ්

colombotoday

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි. අද ආසාදිතයින් 697ක්

colombotoday

දැනට ආසාදිතයෝ 2,891ක්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday