10 April 2025
Colombo Today Local News

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

කොරෝනා ආසාදනය වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක් පසුගිය 04වනදා උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන විට මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි දැරියකි.

දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකළ ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසන්නේ මෙම දැරිය ලියුකේමියා රෝගයෙන් පෙළෙමින් සිටි බව ද මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බවයි. මීට වසර දෙකකට පමණ පෙර ඇයට ලියුකේමියා රෝගය තිබෙන බව හඳුනාගෙන ඇති අතර ඉන් පසු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා තිබේ.

පසුව කරාපිටිය පිළිකා ඒකකයෙන් දිගටම සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දැනට දින කිහිපයකට පෙර රෝගාතුර වීම හේතුවෙන් කරාපිටිය පිළිකා ඒකකයට ඇතුළත් කර තිබිණි. එහි දී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ එම දැරිය කොරෝනා ආසාදිත බවයි. අනතුරුව ඇය නිවසේ දී රැකබලාගන්නා ලෙස දැනුම් දී පිටත්කර යවා ඇත. දැරිය අසාධ්‍ය තත්වයට පත්වූ බැවින් නැවත කරාපිටිය රෝහලට ගෙනවිත් ඇති අතර වෛද්‍යවරු පවසන්නේ ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි.

මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මියගේ නිගමනය වූයේ ලියුකේමියා රෝගී තත්වය සමඟ කොරෝනා නිව්මෝනියාව ආසාදනය වීමෙන් දැරිය මියගොස් ඇති බවයි.

Related posts

අල්-කුරානයේ ප්‍රචණ්ඩකාරී කොටස් ඉවත් කරන්න – හිටපු මුස්ලිම්වරු උලමා සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

ජනපතිගේ ඔත්තුකරුවන් වැඩ අරඹයි.. පොහොට්ටු පුම්බන්න යන මන්ත්‍රීන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් !

colombotoday

අක්‍රිය වූ නොරෝච්චෝලේ ජනන යන්ත්‍රය සඳුදා සිට යළි සක්‍රියයි..

colombotoday

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

Admin

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday