Colombo Today Local News

COVID -19 එරෙහි ශ්‍රී ලංකාවේ සාර්ථක සටන චීන ජනපතිගේ ප්‍රශංසාවට

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මැතිතුමා යොමු කළ ලිපියක් ඔහු රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීය.

කොවිඩ් – 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළහ. ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් එවා තිබේ. ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත. ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ෂී, චීන ජනතාව සහ චීන සමාගම් වෙත සිය ස්තූතිය පුද කළේය. චීනය හා ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව චීන දූත පිරිස සඳහන් කළහ. අර්බුදය සාර්ථකව පාලනය කිරීමට දෙරටම සමත් වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම හේතුවෙනි.

ගෝලීය වසංගතය හමුවේ දෙරට එකිනොකට ඉමහත් සේ උපකාර කළහ. මේ වසරේ පෙබරවාරි මුල් භාගයේදී චීනය වසංගතයෙන් පීඩාවට පත් ව සිටින විට ශ්‍රී ලංකාව කළු තේ තොගයක් චීනයට පරිත්‍යාග කළේ තේ වල ඇති සුව කිරීමේ ගුණය සැලකිල්ලට ගනිමිනි. එපමණක් නොව චීනයේ වෛරස් ආසාදිතයන්ට සෙත් පතා ශ්‍රී ලංකාව පුරා පිරිත් සජ්ඣායනය කෙරුණි. කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සිය සහෝදරත්වය පළ කරමින් ඇදි සිතුවම් කිහිපයක් චීන ජනාධිපති ආර්යාව පෙන්ග් ලීයූවාන් මැතිණිය වෙත යවා තිබුණු අතර එම ක්‍රියාව ඇයගේ මහත් ඇගයීමට ලක් විය.

වර්තමානයේ බිජිං නගරයේ තත්ත්වය පැහැදිලි කළ දූත පිරිස කියා සිටියේ සියයකට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇති නමුත් තත්ත්වය පාලනය වී ඇති බවයි. රෝගයේ මූලාරම්භය කඩිනමින් සොයා ගැනීමට චීන බලධාරීන් සමත් වී ඇත. වෛරසය පැතිර තිබුණේ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට නොව යුරෝපයේ සිට ආනයනය කෙරුණු සැමන් තොගයක් මඟිනි. මේ තත්ත්වය කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉමහත් අවධානයකින් සිටින බව දූත පිරිස සඳහන් කළහ.

දෙපාර්ශ්වය තවත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළහ. චීනයේ තේ වෙන්දේසිය සහ ලෝකයේ හොඳම තේ ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා තේ චීනය තුළ ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳව අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන සහ දෙරට අතර මූල්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.

Related posts

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයට ඩග්ලස් යෝජනා කරයි

Admin

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – “ගැප්” ක්‍රමයට ණය ගන්න රජය තීරණය කරයි

colombotoday

මන්ත්‍රී සැප ඩබල් වෙයි.. අලුතෙන්ම දෙන්න යන දීමනා මෙන්න

colombotoday

කුරාණය ප්‍රශ්න කරන්න ආවොත් ඊළගට කරන දේ මන්ත්‍රී මුජිබර් කියයි (Video)

colombotoday

විපක්ෂ නායක අසුන අල්ලාගත් මන්ත්‍රීගේ ධූරය අහෝසි වන ලකුණු?

Admin

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday