Colombo Today Local News

ලංවිම සභාපති කෝප් කමිටුවට ලබා දුන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගනියි

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට දෙන්න තීරණය කළේ ඇයි?
මේ ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කෝප් කමිටුවේදී සිදු විය.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ කොප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදීය.

එහිදී විදුලි බල මණ්ඩල සභාපතිවරයා පැවසුවේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ බලපෑමක් අනුව ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘති අදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බවයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය පැය 24 ක් ගතවන්නට පෙර මීට ටික වේලාවකට පෙර ලංකා විදුලිබල මණ්ඩල සභාපති
එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පැවසුවේ, තමන් කෝප් කමිටුව හමුවේ ඊයේ(10) කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බවය.

ඊයේ තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය අද(11) ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බව ද නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කළේ ය.

Related posts

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday

පැය 24කදී නිරෝධායන නීති කැඩූ 25ක් අත්අඩංගුවේ

colombotoday

මාව පරද්දන්න කුමණ්ත්‍රනයක්

Admin

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සක් සුරින් නැවතත් තායිලන්තයට

Admin