BusinessColombo Today Local News

ස.තො.ස සුදු ලූනු සිද්ධියේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ්

ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන ව්‍යාපාරිකයකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සාපරාධී විශ්වාසය කඩ කිරීම, තොරතුරු සැඟවීම සහ නීති විරෝධී ලෙස භාණ්ඩ නිදහස් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඉකුත් 24 දිනයේදීය.

සුදුළූණු සිද්ධියක් සම්බන්ධයෙන් මීට ඉහතදී ද පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ලංකා සතොස මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

අයවැය යෝජනාවලියට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සහාය නැහැ

Admin

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

දරුවාගේ පාසලට යමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්.

colombotoday