Colombo Today Local News

CID අධ්‍යක්ෂට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන
මාරුවීමක් ලබා දී තිබේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර අති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර තිබෙන බවය.

Related posts

යුධ අපරාධ කළ අයට දඩුවම් දෙනවා.. නව ව්‍යවස්ථාවෙන් බලය බෙදීම ස්ථීරයි – චන්ද්‍රිකා

colombotoday

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

පාන් ගෙඩියක වීදුරූ කැබැල්ලක්

Admin

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවයි

colombotoday

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday

රට අනුරට යතැයි බියෙන් ආයෝජකයන් බැදුම්කර විකුණා රටින් යයි

Admin