Colombo Today Local News

CID නිලධාරින් සමග ආමි මොහිදින් සබඳතා පැවැත් වු බවට සාක්ෂි !

හරාන් හෂිම්ගේ ත්‍රස්තවාදි කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වු ආමි මොහිදින් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරීන් අතර සබඳතා තිබුණේ දැයි සැක මතුවන බව පාස්කු ජනාධිපති කොමිසමේ දී අනාවරණ විය.

ඊයේ (22)දින කොමිසම හමු වේ සාක්ෂි දුන් නැගෙනහිර පළාතට අනුබද්ධ බුද්ධි නිලධාරියෙකු පැවසුවේ, ආමි මොහිදීන් පිළිබඳ අපරාධ පරීකෂන දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දී තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගැනීම ගැටලු සහගත තත්ත්වයක් බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ වන විටත් වරෙන්තු නිකුත් වී තිබු සහරාන් හෂිම්ගේ ත්‍රස්තවාදි කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වු ආමි මොහිදින් නැමැත්තා කාත්තන්කුඩිහි පිහිටි සිය ස්ථිර නිවසෙන් බැහැරව පාසිකුඩා ප්‍රදේශයේ පාළු ඉඩමක සැඟව සිටින බව රාජ්‍ය බුද්ධි සේවය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබු බව අදාළ බුද්ධි නිලධාරියා කොමිසම හමු වේ ප්‍රකාශ කළේය.

රාජ්‍ය බුද්ධි සේවයට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නෛතික බලයක් නොමැති බැවින් ආමි මොහිදින් සැඟව සිටින ස්ථානය පිළිබඳ නිශ්චිත තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක ඩයස් සහ පොලිස් සැරයන් නන්දලාල් ඇතුළු කණ්ඩායමක් 2019 වර්ෂයේ මාර්තු මස 07 වන දින පාසිකුඩා ප්‍රදේශයට පැමිණිය ද, එහිදි ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවු බව බුද්ධි නිලධාරියා අවධාරණය කළේය.

ඒ මොහොත වන විටත් රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට තොරතුරු සොයමින් සිටි බැවින් ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීම හරහා සහරාන් හෂිම් පිළිබඳ තොරතුරු ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වුව ද, ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම අවස්ථාවේ කටයුතු නොකළ බව සාක්ෂිකරු පැවසුවේය.

එවැනි තත්ත්වයක් තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකිව, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවු බවත්, ප්‍රහාරයෙන් පසු සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රාජ්‍ය බුද්ධි සේවයට ලද විශේෂ බලතල ප්‍රකාරව කල්කුඩා පොලිසිය සමග එක්ව අප්‍රේල් 24 වන දින ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බවත් බුද්ධි නිලධාරියා සාක්ෂි දෙමින් කියා සිටියේය.

කෙසේවෙතත් ඉකුත් වසරේ අප්‍රේල් 24 වනදා මෙලෙස ආමි මොහිදින් අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරික්ෂා කළ අවස්ථාවේ මීට පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට පැමිණි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමේ පොලිස් සැරයන් නන්දලාල්ගේ ඡායාරූපයක් එහි දුරකථන නමාවලියේ තිබිය දී සොයාගත් බව බුද්ධි නිලධාරියා හෙළිදරව් කළේය.

එසේම අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ආමි මොහිදින්ගේ පෙර ලබාගත් දුරකථන වාර්තා පිළිබඳ තොරතුරු මකාදමා තිබු බවද බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසමේ අවධානයට ලක් කළේය.

කෙසේවෙතත් අප්‍රේල් 24 දින මෙලෙස ආමි මොහිදින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ද ඔහු රැගෙන යාමට පැමිණියේ මීට පෙර අවස්ථා වේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පැමිණ, ඔහු අත්අඩංගුවට නොගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරික්ෂක ඩයස් සහ පොලිස් සැරයන් නන්දලාල් යන නිලධාරින්ම බව සාක්ෂිකරු පැවසුවේය.

ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් පැමිණි අවස්ථාවේදී ආමි මොහිදින් නැමැති සැකකරු “සර් මම මේ ප්‍රහාරයට සම්බන්ධ නැහැ. බොරුනම් නන්දලාල් සර්ගෙන් අහන්න” යනුවෙන් තමන්ට පැවසු බව බුද්ධි නිලධාරියා හෙළිදරව් කළේය.

කෙසේ වෙතත් එම අවස්ථාව වන විට ආමි මොහිදින්ව පෙර අවස්ථාවේ අත්අඩංගුවට නොගැනීම පිළිබඳ කෝපයට පත්ව සිටි තමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරින් දෙදෙනාට ඇසෙන සේ “ඔය කට්ටිය එදා ආමි මොහිදින් අත්අඩංගුවට ගත්තානම් මේ ප්‍රහාරය සිදුවන්නේ නැහැ” යනුවෙන් කෑගැසු බව බුද්ධි නිලධාරියා පැවසුවේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධි නිලධාරියා කළ සාක්ෂි ලබාදීම අවසානයේ ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙකු විමසා සිටියේ, මෙම සිදුවීම හරහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නන්දලාල් නම් නිලධාරියාට, ආමි මොහිදින් සමග මිත්‍රත්වයක් හෝ සම්බන්ධයක් තිබු බව හැඟී ගියේ ද යන්නය.

එයට පිළිතුරුදෙමින් සාක්ෂිකරු කියා සිටියේ, එවැනි සම්බන්ධතාවයක් ඔවුන් දෙදෙනා අතර තිබු බව තමන්ට හැඟීගිය බවය.

මෙහිදී ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරයෙක් විමසා සිටියේ, ආලියාර් ගැටුම සිදුවු 2017 මාර්තු මස 10 දිනයට ආසන්න කාලයේ දී ආමි මොහිදින් අත්අඩංගුවට ගැනීමට කාත්තන්කුඩි පොලිසිය කටයුතු කර නොමැත්තේ මන්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ, ආමි මොහිදින් නැමැත්තා එකල පොලීසියට මුදල් ලබාදීම් වැනි දේ සිදුකළ නිසා කාත්තන්කුඩි පොලීසිය එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුනොකිරීමට හේතුවන්නට ඇති බවය.

Related posts

ප්‍රතිලාභ පොලිය තහවුරු කරන්න ඊ.පී.එෆ් පනත සංශෝධනයට අනුමැතිය

Admin

ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් නඩුවක් අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

මත්ද්‍රව්‍ය ජාවාරමුන් 218දෙනෙකුගේ වත්කම් රජයට

colombotoday

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට මම යන්නෙ නෑ. රට වෙනුවෙන් සහයෝගය පාර්ලිමේන්තුව හරහා ලබාදෙනවා.

colombotoday