Colombo Today Local News

චම්පිකගේ උපදෙස් මත ලක්දනව් සමාගම හැදූ චුන්නාකම් විදුලි බලාගාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

යාපනය, චුන්නාකම් උතුරු ජනනී තාප විදුලි බලාගාරයෙන් මූලික ඓතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශවාසීන්ට එක් නිවසකට රු. 40,000ක උපරිමයකට යටත්ව රු.මිලියන 20ක වන්දියක් ගෙවන ලෙස එම තාප විදුලි බලාගාරය පවත්වාගෙන ගිය නොදර්න් පවර් කම්පැනි පෞද්ගලික සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

එම තාප විදුලි බලාගාරයෙන් පිටවූ ඉන්ධන සහ ග්‍රීස් ළිං ජලයට එක් වී ජලය අපවිත්‍ර වී ඇති අතර එමඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති අචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා විසින් 2015දී මෙම පෙත්සම ගොණු කර තිබුණි.

2015 වසරේදී මෙම පෙත්සම ගොණු කිරීමෙන් අනතුරුව 2016 වසරේ සිට මෙම තාප විදුලි බලාගාරයේ කටයුතු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබුණි.

නියමිත සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව විදුලි බලාගාරය පවත්වාගෙන යා හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ.

ප්‍රියන්ත ජයවර්ධන,ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් උක්ත තීන්දුව ලබා දී ඇත.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි මෙම බලාගාරය ඉදිකිරීම් සිදුකරන ලදී.

මෙගාවොට් 8.6 බැගින් වූ දැවි තෙල් ආශ‍්‍රිත තාප විදුලි ජනක යන්ත‍්‍ර 03ක් ස්ථාපිත කිරීමට කටයුතු කළ අතර ලංවිම සතු මෙම බලාගාරය නිර්මාණය කිරීම සහ ඉදි කිරීම ලංවිමට අනුබද්ධ දේශීය සමාගමක් වන ලක්දනවි සමාගම විසින් සිදු කරන බව එවකට විෂය භාර අමාත්‍යාංශය පැවසීය

සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල රු. මිලියන 4000ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණි.

මාස 04ක් වැනි කෙටි කාලයකින් මෙගාවොට් 24ක ධාරිතාවක් යාපනය අර්ධද්වීපය වෙනුවෙන් ජාතික පද්ධතියට සම්බන්ධ කරන බව එවකට ලක්දනවි සමාගමද කියා සිටියේය.

කෙසේවෙතත් මෙම බලාගාරයෙන් සිදුවන පරිසර හානිය මෙන්ම ජන ජීවිතයට වන අහිතකර බලපෑම ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම වූ දිගුවක් විය.

වත්මන් විදුලි බල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාද පසුගිය දිනෙක එහි නිරීක්ෂණයට එක් වූ අතර අධිකරණ කටයුතු අවසන් වූ පසු එම බලාගාරය නැවත සක්‍රීය තත්ත්වයට පත්කරන ලෙස එහිදී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.

Related posts

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

75 වන ජන්ම දිනයත්, උතුම් පැවිදි දිවියේ 65 වන වර්ෂ සිහිකරන මහරගම ධම්මසිරි නාහිමියෝ

Admin

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

නව අගමැති වැඩ භාර ගනී

colombotoday

“භාණ්ඩ හා මිල පාලනයට සම්ප්‍රදායික මෙවලම් ප්‍රමාණවත් නොවේ.”

colombotoday

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday