Business

කොළඹ කොටස් හුවමාරුව, CHECකොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට

කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo), ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ නංවාලීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

කොළඹ වරාය නගර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයට විශේෂ අවධානයක් යොමු කරමින් හා එය ප්‍රතිලාභයක් බවට පත් කර ගනිමින්, කලාපීයව පිළිගත් මූල්ය හුවමාරුවක් කොළඹ වරාය නගරය තුළ ඇති කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලද අතර එය කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තර බහු විනිමය හුවමාරුවක් ඇතිකිරීමේ සාමූහික අරමුණින්ද සමන්විතය. මෙම හුවමාරුව කලාපීය හා ගෝලීය ආයෝජකයින් සඳහා දොරටුවකි. ශ්‍රී ලංකාවේ සහ විදේශීය සමාගම්වලට විදේශ විනිමය බැඳුම්කර සහ කොටස් නිකුත් කිරීමට මෙන්ම වත්කම් පන්තීන් හරහා වෙනත් මූල්‍ය හා අවදානම් කළමනාකරණ උපකරණ සංවර්ධනය කිරීමට කදිම වේදිකාවක් සපයයි.

නවීන එමෙන්ම ගෝලීය මට්ටමේ වෙළඳ හුවමාරුවක් ඇති කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ හවුල් වීමට ගෝලීය කොටස් හුවමාරුවක් හඳුනා ගැනීමට හා ආකර්ෂණය කර ගැනීමට CHEC කොළඹ වරාය නගර ආයතනය සහ කොළඹ කොටස් හුවමාරුව සක්‍රීයව මෙන්ම සහයෝගයෙන් ද කටයුතු කරන අතර එමඟින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සහ ASEAN කළාපයේද ප්‍රාග්ධන රැස් කිරීමේ කේන්ද්‍රස්ථානයක් වනු ඇත. මනා ක්‍රියාකාරීත්වයක් සහිත වෙළඳපොළකට හිතකර පරිසරයක් සැපයීම සඳහා කොළඹ කොටස් හුවමාරුව, නියාමකයින් සමඟ කටයුතු කරනු ඇති අතර, ද්‍රවශීලතාවය ඉහළ නංවන මෙන්ම හුවමාරුවේදී නිෂ්පාදන හා සේවාවන් බාධාවකින් තොරව හඳුන්වා දීමට ද හැකිවනු ඇත.

කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට CHEC කොළඹ වරාය නගර ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ මෙම පළමු පියවර තැබීම සතුටට කරුණකි. මෙම මූලාරම්භය තුළින් අපි ප්‍රාග්ධන වෙළඳපොළට නව මානයක් ගෙනෙනු ඇති අතරම වරාය නගරයේ මෙන්ම කලාපීය වශයෙන් සුරැකුම් නිකුත් කරන්නන් සහ ආයෝජකයින්ගේ අවශ්‍යතා සපුරාලන ජාත්‍යන්තර කොටස් හුවමාරුවක් සමඟ හවුල් වීමට ද සැලසුම් කර ඇත්තෙමු. ”

CHEC කොළඹ වරාය නගර ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හව්ලියැං (Mr. Jiang Houliang) මහතා මෙසේ පැවසීය. “වරාය නගරයෙහි ජාත්‍යන්තර කොටස් වෙළඳපොලක් පිහිටුවීම සඳහා කොළඹ කොටස් හුවමාරුව සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වෙනවා. නිවැරදි යටිතල පහසුකම් සහ ව්යාපාරික හිතකාමී ප්‍රතිපත්ති සමඟින්, කොළඹ වරාය නගරය කලාපීය ලැයිස්තුගත කිරීම් සඳහා ආකර්ශනීය ස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට අප සමත් වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. එය ලොව පුරා සමාගම්වලට නව ආයෝජන අවස්ථාවන්ට ප්රවේශ වීමේ දොරටුව වනු ඇත. ”

Related posts

අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරු

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ (ASPI) ඉහළම අගය අද.

colombotoday

“රේස් බයි රේස්” තහනම් කරන යෝජනාව සම්මතයි. සුමතිපාල සහ බාලසුරිය පවුලට අයත් ව්‍යාපාර කපෝතියි.

colombotoday

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් පියවීමට අවශ්‍ය විදෙස් විනිමය වෙන්කරයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළට

colombotoday

මතස්‍ය තහනම ගැන කතා කරන්න යුරෝපා සංගමය එයි

colombotoday