Colombo Today Local News

ඇමැති චන්න ජයසුමන පැවරූ අපහාස නඩුවට වෙනස්ම තීන්දුවක්. අසේල සම්පත්ට ගාස්තු ගෙවන්න නියම වෙයි. අතුරු තහනම ඉවතට..

“පිට කෝට්ටේ මිලියන් 200 ගේ? චන්න කන්ථක අසු නොමැතිව විල මැද්දේ අමුඩය සමඟින්” ලෙස දැක්වෙන ෆේස්බුක් සටහනක් තැබීම මගින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා වෙත පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාකාරී අසේල සම්පත් යන අය විසින් අපහාසයක් කර ඇති බවත් අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සම්බන්ධයෙන් තව දුරටත් අපහාස කරවීම වලක්වන ලෙසට ආයාචනා කරමිනි අයැද ඇති අතුරු තහනම් නියෝගය ප්‍රදානය කිරීම කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද දින ප්‍රතික්ෂේප කරනු ලදී. අදාල විමසීම සම්බන්ධයෙන් ගාස්තු මහාචාර්ය චන්න ජයසුමන විසින් අසේල සම්පත් වෙත ගෙවිය යුතු බවටද අධිකරණය නියෝග කරන ලදී.

අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා ඉතාමත් ප්‍රවීණ සහ කීර්තිමත් පුද්ගලයෙකු බවත්, ඉහත කී ෆේස්බුක් ප්‍රකාශය හේතුවෙන් තමා මහජනතාව ඉදිරියේ අවඥාවකට පත්වී ඇතිබවත් තම කීර්තිනාමයට හානි සිදුවී ඇතිබවත් තම පැමිණිලේ දක්වා ඇත. විත්තිකරු විසින් තම විරෝධතාවයන්ගේ දක්වා ඇත්තේ පැමිණිලේ දක්වා ඇති පරිදි පැමිණිලිකරු කීර්තිමත් පුද්ගලයෙකු නොවන බවත් නිරන්තරයෙන් මහජනතාවගේ අවඥාවට සහ හාස්‍යට ලක්වන පුද්ගලයෙකු බවත් පාර්ලිමෙන්තුව තුලදී පවා පැමිණිලිකරු ගේ කුප්‍රකට ක්‍රියාකාරකම් සාකච්ඡවට භාජනය වී ඇති බවත් ය.

පැමිණිලිකාර මහාචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් නීතිඥ අතුල ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතීඥ මිනෝලි ඇලෙක්සැන්ඩර් මෙනවිය සහ නීතීඥ ඩී.එස්. රත්නායක මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ වී. කේ චොක්සි මහතා පෙනී සිටින ලද අතර විත්තිකාර අසේල සම්පත් වෙනුවෙන් නීතීඥ තමිලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත නීතීඥ ප්‍රතාප් වැලිකුඹුර මහතා සමඟ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනීසිටින ලදී.

Related posts

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

එජාපයේ කැබිනට් පත්‍රිකා තුනක් අගමැති ඉදිරියේම ජනපති ඉවත දමයි…

colombotoday

මහ නායක හිමිවරුන් මට කිව්වා නව ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්න කියලා – මෛත්‍රී ගුණරත්න

colombotoday

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩු පක්ෂ 10ක් අතර සාකච්ඡාවක්.. – කිසිදු පොහොට්ටු සාමාජිකයෙක් සහභාගී වෙලා නෑ.

colombotoday