Colombo Today Local News

මිනී භුමිදානයෙන් ජල මූලාශ්‍රවලට අපද්‍රවය එකතුවෙන්න පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යා මහාචාර්ය චන්ද්‍රා ජයසේන

මිනී භුමිදානයෙන් ජල මූලාශ්‍රවලට අපද්‍රවය එකතුවෙන්න පුළුවන් යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යා මහාචාර්ය චන්ද්‍රා ජයසේන මහතා කැනඩාවේ සිට wattsapp තාක්ෂණය ඔස්සේ “අද දෙරණ“ට අදහස් දක්වා තිබෙනවා.

“මිනී භූමදානය කිරීමෙන් පසු නරක්වේගෙන එනකොට ඒකෙන් ඇතිවන ඕජස්වලින් බොහෝ දුරට ජල මූලාශ්‍රවලට අපද්‍රව්‍ය එකතුවෙන්න පුළුවන්. වෛරසය නිරන්තරයෙන් වෙනස්වන බව අප තේරුම් අරන් ඉන්නේ. අපිට ඉස්සරහට වෙන තත්ත්වය පුරෝකථනය කරන්න බැහැ. ජල භූවිද්‍යාඥයෙක් හැටියට අපිට පේනවා මේක ජල මූලාශ්‍රවලට එකතුවෙන්න පුළුවන් කියලා. ජලයට එකතුවෙලා තියෙන ද්‍රව්‍යයක් ආපසු ශරීරයට එකතුවෙන්න පුළුවන්. ජල මූලාශ්‍ර ආරක්ෂාකර ගැනීම අපිට වැදගත්වෙනවා මහජනතාවගේ ආරක්ෂාව බලද්දි. සම්පූර්ණයෙන්ම පිරිපහදු කරපු ජලය ලැබෙන කැනඩාව වගේ රටක් ගත්තම, ඒ වගේ රටවල තත්ත්වයයි ශ්‍රී ලංකාවේ තත්ත්වයයි සංසන්දය කිරීම වැරදි ක්‍රියාවක්. කිසියම් සැකයක් ඇතිවිට සැකය දුරුවෙනකම් මහජනතාවගේ ආරක්ෂාව බැලිය යුතුයි.”

Related posts

ගල්කිස්සේ දැරිය ලිංගික කටයුතු සඳහා මිලටගත් මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපති ත් අත්අඩංගුවට

colombotoday

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

colombotoday

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

Admin

බුද්ධි නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමට නියෝග.. එක්නැළිගොඩ ඝාතනය කළ බවට බලපෑම් කර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක්?

colombotoday

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

colombotoday

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන් අද

Admin