Colombo Today Local News

චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් චීනයෙන් පිටුවහල් කරයි

බහාලුම් පෙට්ටියක් තුළ සැඟවී මැලේසියාවට පළා යෑමට තැත් කිරීමේදී චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වසරකට පසුව එරටින් පිටුවහල් කර තිබේ.

ඔවුන් අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම සැකකරුවන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක සැඟවී මෙසේ මැලේසියාවට පළා යාමට තැත් කර තිබුණි.

ඔවුන් 26 හැවිරිදි මදි රාජේන්ද්‍රන් සහ 39 හැවිරිදි ජයකුමාර් තරුමරාසා නමැති ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

ඉකුත් 2023 වසරේ ජනවාරි මස 30 වනදා අදාළ පුද්ගලයන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ “මර්ක්ස් යුනිකෝන් ” නැවට පටවා තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී ඇත්තේ මැලේසියාව බලා පිටත්ව යාමටය.

එහිදී චීන බලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව සැකකරුවන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට පියවර ගත් පසුව, අද අලුයම 05.01ට චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත මොවුන් පැමිණීමෙන් පසුව කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ කිරුළපන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත රැගෙනවිත් තිබේ

Related posts

විදේශ වලදී උපයන මුදල් මෙරට ආයෝජනයේදී ශ්‍රී ලාංකිකයන්ට විශේෂ බදු සහන…

colombotoday

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

colombotoday

කොටදෙණියාව, බාඳුරාගොඩදී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

colombotoday

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday

පාසල් බසයක් ලංගම බස‍යක ගැටී සිසුන් 15ක් රෝහලේ

Admin

කොන්ද පන තියෙන නායකයෙක් රටට අවශ්‍යයි. සිරිසේනට මගේ සහය නෑ – කුමාර වෙල්ගම කියයි

colombotoday