Colombo Today Local News

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පාසලක පාසල් සිසුන් දෙදෙනෙකුගේ ආරවුලක් විසඳීමට ගිය ගුරුවරුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරකෑමට ලක්වීමේ සිද්ධියක් අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම ආරවුල නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීමක් අතරතුරදී සිසුන් දෙදෙනෙකු අතර ඇතිවී තිබේ.

එම ආරවුල විසඳීමට අදාළ ගුරුවරුන් දෙදෙනා මැදිහත්වී ඇත.

පසුව ගුරුවරුන් පහරදුන් බව කියමින් එක් සිසුවෙකු රෝහල්ගතවීමත් සමග සිදුවීම පැහැදිලි කරදීමට ගුරුවරුන් ඔහුගේ නිවසට ගොස් තිබූ අතර එහිදී එක් සිසුවෙකුගේ ඥාතීන් පිරිසක් මෙලෙස අමානුෂික ලෙස පහරදුන් බවයි ගුරුවරුන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීම සිදුකළ සෙසු පිරිස සොයා විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

බස් ගාස්තු වැඩි කරන්න යයි

colombotoday

රාජ්‍ය, නියෝජ්‍ය ඇමති ඔලු මාරුව සූදානම්.. මැති ඇමතීන් ජනාධිපති කාර්යාලයට එයි

colombotoday

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

පෞද්ගලික සංචාරයකට අගමැති ඇමරිකාව බලා පිටත්ව යයි..

colombotoday